IMG-LOGO

2025 අගෝස්තු මස 05 වන අඟහරුවාදා


මෛත්‍රී ඝාතන තැතේ චෝදනා වසර 15කට පසු ගොනු කරලා

(මනෝප්‍රිය ගුණසේකර)

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහතා ඝාතනය කිරීම සඳහා මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ 2008 වසරේදී වුවත් නීතීපතිවරයා විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කර ඇත්තේ වසර 15කට පසු 2023 වසරේදී බව කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා විවෘත අධිකරණයේදී අවධාරණය කළේය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීම සඳහා ඒ මහතා කෘෂිකර්ම ඇමතිවරයාව සිටියදී බොරලැස්ගමුව ප්‍රදේශයේදී මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා ෂන්මුගරාජා ගජබාලනී නමැති කොටි බෝම්බකාරියට ආධාර අනුබල දුන් බවට කොටි සාමාජිකයින් දෙදෙනෙකුට එරෙහි නඩුව විභාගයට ගත් අවස්ථාවේදී විනිසුරුවරයා ඒ බව අවධාරණය කළේය.

2008 ඔක්තෝම්බර් පළමුවැනිදාත් 09 වැනිදාත් අතර කාලයේ මේ වන විට මියගොස් ඇති මරාගෙන මැරෙන කොටි බෝම්බකාරියක වු ෂන්මුගරාජා ගජබාලනී නමැත්තිය ඇතුළු පැමිණිල්ල නොදත් තවත් පිරසක් සමඟ එක්ව ඒ වන විට කෘෂිකර්ම ඇමතිවරයාව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණය කිරීම ඒ අනුව 2008 ඔක්තෝම්බර් 09 වැනිදා බොරලැස්ගමුවව ප්‍රදේශයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීම සඳහා ඒ මහතා ගමන්ගත් රථ පෙළ ඉල්ලක් කර මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට ෂන්මුගරාජා ගජබාලනී නමැති මරාගෙන මැරෙන කොටි බෝම්බකාරිට ආධාර අනුබල දීම ඇතු`ථ චෝදනා 17ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කර ඇත.

මෙලෙස චෝදනා ලැබ සිටින්නේ කොටි සාමාජිකයින් බව කියන සේල්ලරාජා කිරුබාකරන් හෙවත් මොරිස් සහ තම්බයියා ප්‍රකාශ් හෙවත් ධනුෂ් නමැත්තන්ට එරෙහිවය.

නඩුව කැඳවු අවස්ථාවේදී මීට පෙර අවස්ථාවක නිකුත් කර තිබු සිතාසියකට අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අධිකරණයේ පෙනී සිටියේය.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥවරයාගේ මෙහෙයවීම යටතේ පැමිණිල්ල වෙනුවෙන් සාක්කි දුන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද කීය.

තමා ඝාතනය කිරීම සඳහා කොටි සාමාජිකයින් 2008 වසරේදී බොරලැස්ගමුව ප්‍රදේශයේදී මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළා. ඒ වන විට තමා කෘෂිකර්ම ඇමතිවරයා වශයෙන් කටයුතු කළා. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසු ආරක්‍ෂාව සඳහා පැය දෙකකට අධික කාලයක් මා ඇතු`ථ මගේ ආරක්‍ෂාවට සිටි නිලධාරීන් බොරලැස්ගමුව පොලිසියට වී සිටියා.

සිද්ධිය පිළිබඳ විමර්ශන කළ ත්‍රස්ත මර්ධන කොට්ඨාශයේ නිලධාරීන් හෝ කිසිවකු මේ පිළිබඳ මගෙන් මේ වනතුරු ප්‍රකාශ ගත්තේ නැහැ.

මේ අවස්ථාවේදී අධිකරණයය ඇමතූ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා නඩුවේ සාක්කිකරු වන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහතා ඝාතනය කිරීම සඳහා මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ 2008 වසරේදී වුවත් නීතීපතිවරයා විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කර ඇත්තේ වසර 15කට පසු 2023 වසරේ දෙසැම්බර් 18 වැනිදා බවත් විත්තිකරුවන්ට එරෙහි චෝදනා පත්‍ර බාරදී ඇත්තේ 2024 වසරේදී බවත් පෙන්වා දුන්නේය.

වැඩිදුර සාක්කි විභාගය හෙට (29) දක්වා කල් තබන ලදී.



අදහස් (4)

මෛත්‍රී ඝාතන තැතේ චෝදනා වසර 15කට පසු ගොනු කරලා

fairoos Monday, 28 April 2025 07:36 PM

අපරාදේ මරුනේ නෑනේ

:       0       4

කව්ද බෝයි Monday, 28 April 2025 09:25 PM

දැන් මේ කියන තුමා, ජනපතිවෙලා හිටපු කාලෙදිවත්, තමන් වෙනුවෙන් ගොනුකරන්න තිබුණ නඩුව කරගන්න බැරි කෙනෙක්, කොහොම රටක් කලාද කියලා, එතුමාවත් දන්නෙ නැතිව ඇති.

:       0       4

චතුරි Tuesday, 29 April 2025 06:39 AM

කෑලෑවෙ. අලි මැරෙනවා.වටිනා කියන කොටි මැරෙනවා නිකරුනේ ඒවා හොයන්න. මෙයා ප්‍රසිද්දියේ කිව්වානේ. නාකිමයිනා. මෙයාව මරන්න ඉන්නෙ කියලා ගෝටාත් එක්ක. අඩි අටකට අරිනවා කියලා. මෙයාගේ ආන්ඩුවෙ කාලේ ඇයි මිනිමරුවා හොයාගත්තෙ නැත්තෙ. කොන්ද පන නැති නිසානේ. මේ ආන්ඩුවට ජනතාවගේ ප්‍රශ්න විසදන්න තියෙනවා. පාතාලේ, හොරුත් එක්ක ජීවත් වෙලා. උදව් කරලා. දැන් මේ ආන්ඩුවට කියනවා අනුර කුමාර ට කොන්ද පන තියෙන නිසා වෙන්න ඇති. මෙයටා පාස්කු ප්‍රහාරයෙන් මැරුන අසරන මිනිස්සු ගැන අනුකම්පාවක් නැහැ. මේවගෙ උන්ව මරන්නමයි ඕන. ඒ කෙනාට රිදීපදක්කමක් දෙන්න හොයලා

:       1       4

ගමගේ Tuesday, 29 April 2025 02:14 PM

කාලකන්නි විනාශකාරී කොටි. උන්ට මේ වගේ දෙයක් වත් හරියට කරගන්න බැරි උනානේ

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 223 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 376 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 709 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site