
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
වැඩිමහල් සහෝදරියගේ විවාහ මංගල උත්සවය අවසන් වී නිවස බලා යමින් සිටියදී වෑන් රථය අනතුරට පත්ව බාල සහෝදරයා සහ ඇගේ මිත්තණිය මිය ගොස් මව සහ පියා ඇතුළු හත් දෙනකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි වේයන්ගොඩ පොලිසිය කියයි.
වේයන්ගොඩ මඟලෙගොඩ - නයිවල මාර්ගයේ ඊයේ 13 පස්වරු 5.00 ට පමණ වෑන් රථයක් මාර්ගය අසල විදුලි රැහැන් කණුවක ගැටීමෙන් තුවාල ලබා මෙලෙස මියගොස් ඇත්තේ වෑන් රථයේ රියදුරු ලෙස කටයුතු කළ වේයන්ගොඩ හීන්දෙනිය ප්‍රදේශයේ පදිංචිව සිටි නවෝද් චතුරංග නමැති 21 හැවිරිදි තරුණයකු සහ ඇගේ මිත්තණිය වූ ඩබ්ලිව්. ඒ. වික්‍රමාරච්චි නැවති 80 හැවිරිදි කාන්තාවකි.
වැඩිමහල් සොහොයුරියගේ විවාහ මංගල උත්සවය අවසන් වී වේයන්ගොඩ හීන්දෙනිය ප්‍රදේශයේ පිහිටි සිය නිවස කරා ආපසු ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇතැයි මූලික පොලිස් පරීක්‍ෂණවලදී හෙළි වීඇත.
මනමාලියගේ මල්ලි වෑන් රථයේ රියදුරු ලෙස කටයුතු කර ඇති අතර මනමාලියගේ මිත්තණිය ,මව සහ පියා ඇතුළු 9 දෙනකු වෑන් රථයේ ගමන් කරමින් සිට ඇත.
අනතුරින් පසු වෑන් රථයේ ගමන් ගත් සියලු දෙනා තුවාල ලබා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව රියදුරු ලෙස කටයුතු කළ තරුණයා සහ මිත්තණිය මිය ගොස් ඇති බවත් සෙසු 7 දෙනා තවදුරටත් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවත් වේයන්ගොඩ පොලිසිය පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd