
ඉන්දිකා රාමනායක සහ ක්‍රිෂාන් ජිවක ජයරුක්
මාතර දෙනගම මුලටියන පාරේ දී අද (10) අලූයම අත්අඩංගුවට ගත් හොරොයින් කිලෝ 75 ට ආසන්න ප‍්‍රමාණය දැනට විදේශ රටේ සැගව සිටින රුවන් චින්තක හෙවත් ‘‘හරක්කටා’’ නැමැත්තා ට අයත් මත්කුඩු බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
මෙම මත්කුඩු ඉමදුව දොස්තරවත්තේ වළදමා තිබීයදී මීට පෙර ඉවත් ගත් මත්කුඩු බවට සැකකරන බවද හෙතෙම කියා සිටියේය.
මෙම මත්කුඩු ප‍්‍රවාහනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර යුවළ අතර සැකකාරිය මහනුවර සිදුහුම්පොළ පදිංචි (38) හැවිරිදි කාන්තාවක් බවත්, සැකකරු මීගමුව කට්ටුව ප‍්‍රදේශයේ පදිංචි (29) හැවිරිදි තරුණයෙක් බවද හෙතෙම කියා සිටියේය.
මොවනු අතරමදියන් වශයෙන් හෙරොයින් ප‍්‍රවාහණ කරන්න බවට සැකකරන බව මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
1.අල්ලන කුඩු විනාශ කරනවා පෙනෙන්න නැහැ 2.කුඩු විකුණන ගම්වල ඉන්න උපාසකයින් අල්ලන්නේ කවදාද? 3. කුඩුවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කළත් කුඩු විකුණන උපාසකයින් ගම්වල ඉන්නකල් ගම්වල දරුවන් අනතුරේ. 4. විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඉන්න කුඩු විකුණන අය අල්ලන්න ක්‍රම නැතිද? 5. මේ වනවිට කුඩු විකුණා, පොලිසියටත් කොටුවී, හිරෙන් නිදහස් වෙලා ගම්වල නැවතත් කුඩු විකුණන අයගේ පින්තූර, උසාවි දඬුවමත් එක්කම , ග්‍රාමසේවක කාර්යාලයේ එල්ලීම ගමට කරන උපකාරයකි. 6.කුඩු ගෙන්වන අයට මරණ දඬුවම ගෙන එන්නේ කවදාද? 7.මත් පෙති/ කුඩු වලට දිනපතා ගොදුරුවන දරුවන්ට වගකියන්නේ රටේ ආරක්ෂාව බාර රජය නොවන්නේද?