( තිළිණි ද සිල්වා )
කොවිඩ් 19 වසංගතයේ ව්‍යාප්තියත් සමඟ සෞඛ්‍ය නිර්දේශ නිකුත් කිරීමෙන් පසුව ලෝකයේ රටවල් කිහිපයක් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සංචාරක උපදේශන මාලා සිය රටවැසියන් සදහා නිකුත් කරනු ලැබ ඇත.
ඒ අනුව මෙලෙස සංචාරක උපදේශන මාලා නිකුත් කරනු ලැබ ඇත්තේ එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ඔස්ට්‍රේලියාව යන රටවල්ය.
මෙම රටවල් මීට පෙර ලංකාවේ කොවිඩ් ව්‍යාප්තිය පළමු සහ දෙවැනි අවදානම් මට්ටමේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෙවැනි සංචාරක උපදේශන නිකුත් කළ අතර ඒවා නැවත යාවත්කාලීන කරනු ලැබ ඇත.
කොවිඩ් 19 වයිරසයේ ව්‍යාප්තිය ඉහළ යෑම හේතුවෙන් ශ්‍රී ලංකාව මේ වන විට තුන්වැනි අවදානම් මට්ටම දක්වා පැමිණ තිබෙන අතර ප්‍රජාව තුළ කොවිඩ්-19 ව්‍යාප්තිය හේතුවෙන් කෙටි දැනුම්දීමකින් ගුවන් ගමන් සහ ගුවන් තොටුපොළ මෙහෙයුම්වල වෙනස්කම් ඇතිවීමේ වැඩි අවදානමක් පවතින බවද එම රටවල් සිය සංචාරක උපදෙස්වල දක්වා තිබේ.
කොවිඩ්-19 වසංගතයෙන් ඇති වන සෞඛ්‍ය අවදානම සහ ගෝලීය සංචාරයට ඇති බාධා හේතුවෙන් ශ්‍රී ලංකාවට සංචාරය කිරීමේ දී සැලකිලිමත් වන ලෙස ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු හා වෙළෙඳ දෙපාර්තමේන්තුව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ එකම උපදේශනය - ලංකාවට යන්න එපා. එහෙ ඉන්නේ කෘෘර මිනීමරු පාලකයින්. මිනිසුන්ගේ මහජන මුදල් ගසාකන, පිටරටවලින් දෙන ආධාර (උදා.සුනාමි ආධාර, කොරෝනා ආධාර.. ) හොරාකන පල්හොරු එහෙ ඉන්නේ. එහෙ මිනිස්සු හරි මෝඩ නෝන්ජල් ගෝත්‍රිකයින්. එහෙ යන්නේ නැතිව හොඳ රටකට ගිහින් සතුටින් විවේකය ගෙවන්න.
තාම රටට විදේශ විනිමය ගෙන එන පුරවැසියා කුරිරු ලෙස නිරෝධායනය සහ කොරෝනා පරීක්ෂණ වලින් මුදල් ගසාකන පාලකයන් සිටින රටකට යන්න එපා සංචාරයේ යන්න දෙන්න.