(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දෙමටගොඩ ආරාම පාරේ නිවසක් වටලා මත්ද්‍රව්‍ය සහ ජාවාරමෙන් උපයා ගත් මුදල් තොගයක් සමඟ සමඟ ඥාති සහෝදරයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි
එම සැකකරුවන් දෙදෙනා සමඟ ගංජා ග්‍රෑම් 450ක් ,අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5ක් මෙන්ම ජාවාරමෙන් උපයා ගත් බව කියන රුපියල් 87000ක මුදලක් ද පොලිස් බාරයට ගෙන ඇත
දෙමටගොඩ ආරාම පාරේ නිවසක මත්ද්‍රව්‍ය මුදලට අලෙවි කරන බවට කොළඹ අපරාධ කොට්ඨාසය ලද තොරතුරක් අනුව නිවස වටලා පරීක්ෂා කිරීමෙන් අනතුරුව මත්ද්‍රව්‍ය සොයාගත් බව පොලිසිය කියයි
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 28 හා 30 අතර පසුවන්නන් බව පොලිසිය සඳහන් කරයි
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජි ජේ නන්දන සහකාර පොලිස් අධිකාරී දෙවනියට සිල්වා මහත්වරුන් ගේ මගපෙන්වීමෙන් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම් ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක මධුරංග ,උප පොලිස් පරීක්ෂක අරවින්ද පොලිස් සැරයන්වරුන් වන 58241 උපුල් 61115 පෙරේරා 91826 වැලිවිට,පොලිස් කොස්තාපල්වරුන් වන 3609 කුමාර 2204 ප්‍රියශාන්ත මහත්තුරු පරීක්ෂණ පවත්වයි
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මත්ද්‍රව්‍ය-මුදල් සමඟ දෙදෙනකු අල්ලයි