මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ සිදුකරන අය සම්බන්ධයෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
‘ජනපති ප්‍රශංසා’ සම්මාන ප්රදානෝත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
පොලිස් විශේෂ කාර්ය බළකායේ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ , කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට සහ රට පුරා පවතින පොලිස් ස්ථානවල නිලධාරීන් විශාල පිරිසක් අගයා මෙහිදී සම්මාන පිරිමිනැමිණි.
මත්ද්‍රව්‍ය නිවාරණය හා අපරාධ මැඬපැවැත්වීමට සම්බන්ධ වූ පොලීසියේ 1034 කට ජනපති සම්මාන හා ප්‍රශංසා පිරිනැමීමේ උත්සවයේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් තියෙන්නෙ ක්‍රියාත්මක කිරීම පමණයි. ඒ ගැන කතකලා හොඳටම ඇති.
ඒක හොඳයි
ඔන්න පිලිපීනේ දුටර්තේ උසිගන්නලා එවලා. කොපි පේස්ට් පාරක් දාන්න යන්නේ මේ පාර...
සමාවෙන්න ජනාධිපතිතුමනි. මරණ දඬුවම බාලගිරි දෝෂයට අහුවෙලා. අද නොවේ හෙට. අපි දේශපාලකයන්ගෙන් සිහින පොකුරක් බලාපොරොත්තු වුනා. නමුත් කියන්න කණගාටුයි ඒ සියල්ලම සිහිනයක් පමණක්ම වෙලා.
බොරු කතන්දර අහලම දැන් එපාවෙලා තියෙන්නේ...
නම් ලිස්ට් එක එවල නේද තියෙන්නේ? ඉතින් අත්සන් කරලා ක්‍රියාත්මක කරන්නකෝ කියව කියව ඉන්නේ නැතිව
බුරන බල්ලෝ හපා නොකයි. මෙයා කියනවා විතරයි... කරන්නේ නැහැ. අධිකරණ ඇමති කියනවා ජනාධිපති කාර්යාලයට අවශ්‍ය නම් යවලා තියෙන්නේ කියලා...
ලැජ්ජාව, උගත්කම නැති කෙනෙකුට ගල් පැලෙන බොරු කියන එක කජ්ජක් නෙවෙයි.
ඔයාගේ බොරුබයිලා අපිට හොඳට අහලා පුරුදුයි...
කතාව විතරයි. වැඩ නැත. ජනාධිපතිවරයාට සිරකරුවන් නිදහස් කිරීමට තිබෙන බලතලද නැති කළ යුතුයි.
අනේ මන්ද කොළ නැති ගහ නම් දැන් හොදටම දළු දාල... " වැඩ කරන මිනිසා අඩුවෙන් කතා කරනවා කියන්නේ නිකංම නොවේ "... මෙය අපේ රටේ මුල් පුරවැසියාට හොදින්ම ගැලපෙනවා .එමෙන්ම ඉතිරි ගවයන් 224 ටත් හොදින් ගැලපෙනවා.
ඔය කතාව දේශපාලන වාසි බසක් නොකොට රටේ කිර්තිය අනාගත පරපුර වෙනුවෙන් විධායක බලය යෝදොවා හැකි ඉක්මනින් තරාතිරම නොබලා ක්‍රියාත්මක කිරීම අතිශයෙන් කාලෝචිතයි ඔබතුමාගේ මෙය යුතුකමක් සහ වගකීමක් රටේ ලෝකයේ දැඩි අවශ්‍ය තාවයක් මෙය හැකි ඉක්මනින් ක්‍රියාවට නංවන්න දැනටත් පමා වැඩියි ඔබතුමාට චිරංජයතු ...!!!
ධූරයේ බලතල අඩුකරගෙන දැන් එක එක දේවල් කියවනවා. අද යුද්දේ තිබුණ නම් හොද හොද බයිලා අහගන්න පුළුවන්.....
වෙනදා වගේ මේකත් කියයිද..කවුද කිවුවේ..මම පත්තරෙන් දැක්කේ.. කියලා?
මෙයා තමයි ලෝකයේ බිහිවුණු දේශපාලනයේ බයිකා රජා.. අරයා මහරජා.. තකට තක
ස්ත්‍රී සහ ළමා දුෂණ කරන අයත් එල්ලා මැරිය යුතුයි.
ලෝකේ ජෝකර් නායකයෝ ඉන්නවලු... කරුණාකරලා රටේ නාමයෙන් ලෝකයේ ජෝකර් රජා වෙන්න එපා.. ලක්ෂ 62ක් හෑල්ලු කරන්න එපා.
මෙයා හරියට කියන්නේ අපිට ක්‍රියාත්මක කරන්න කියලද? බලය තියෙන්නේ අපේ අතේ වගේනේ කතාව... ඉතින් අත්සන් කරලා ක්‍රියාත්මක කරන්නකෝ කියව කියවා ඉන්නේ නැතිව..
මේ මනුස්සය කවද්දා කියපු දෙයක් කලේ.. අර කුඩු නෞෆෙරුත් එළියට දැම්මා.. මෙය පත්තරේ බලන්නැද්ද? දැන්..ඇති ඇති..
මට නම් මෙතුමා කියන දේවල් ගැන කිසිම විශ්වාසයක් නැහැ..
කියනවා විතරයි, කරනවා පේන්නේ නැහැ.. කවදා ඉඳන්ද කියන්නේ..?
මට හැමදාම මෙයාගෙ කතා අහද්දි ප්‍රශ්නයක් මතුවෙනවා. වත්මන් ශ්‍රී ලංකාවේ ජනාදධිපති කවුද?
එතකොට මොහොමඩ් සිද්දික් නමැති පුද්ගලයාට ඇප ලැබුුණු බව දන්නේ නැතිද? කෝටි ගණනින් අහුවුනේ එහෙම කෙනාට ලක්ෂ 10ක් දඩගහලා.. එ්කත් නොගෙන හිටියා නම් ඉවරයිනේ ජනාධිපතිතුමා. නීතියෙන් තමයි ඔහු වෙනුවෙන් පෙනිසිට ඇප අරන් දී තිබෙන්නේ. ඔහු අයකරපු මුදල හොයලා බලන්න. මේවගේ අය ඉන්නකම් මේ වසංගතය නතර කරන්න. බැහැ. මරණිය දණ්ඩනය දෙන්න. සේරම සෙල්ලම් පොඩි මිනිහට විතරයි.
හැමදාම කියවනවා විතරයි. එකම දේ අහල ඇතිවෙලා. බොරු නොකර කරන්න පුළුවන් දෙයක් කියමු දැන්වත්... කට විතරයි. වැඩ බැහැ.
පිලිපීනයේ වත්මන් ජනාධිපතිතුමා බලයට පත්වුණේ මේ මෑතක. දැන් බොහෝ දුරට පිලිපීනයේ මත් උවදුර බොහෝ දුරට අවසන් ඔබතුමාත් බලයට පැමිණි විගසම මරණ දඬුවම ක්‍රියාත්මක කලානම් මෙලහකට ප්රශ්නය අවසන්. ඊළඟ ජනාධිපතිවරණයේදී ඒකම ඇති නැවත තේරිපත්වන්න.
අන්න මහා පරිමාණ මත්කුඩු ජාවාරම් කාරයෙක්ට ඇප....
මෙයා දෙන්නේ අනාගත බලාපොරොත්තු විතරයි. අපිව අැන්දුවා ඇති. ඕනෙනම් දවසින් කරන්න පුලවන්. ආණ්ඩුව පෙරලුව වගේ.
මරණ දඬුවමක් ක්‍රියාත්මක කිරීමක් තියා මේසෙ උඩ තිබිලා නැතිවෙච්ච ෆයිල් එකක් හොයාගන්න බලතලයක් නැති කෙනෙක් මේ. තව මොන කථාද
අන්න අද පත්තරේ තියනවා කුඩු ගෙන්නවපු කෙනෙක්ට ඇප දීලා.