(ටී.කේ.ජී.කපිල )
මත්තල ගුවන් තොටුපොලෙන් ඕමානය බලා පිටත්වීමට සූදානම් වූ පෞද්ගලික ගුවන් යානයක ඇන්ජිමේ ඇති වු දෝෂයක් හේතුවෙන් අද (26) උදෑසන හදිසියේම ගින්නක් හට ගත් බව එහි ගුවන් තොටුපළ කාර්යභාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය.
මෙය රුසියාවේ නිෂ්පාදිත ඇන්ටොනෝව් - 12 වර්ගයේ , ඇන්ජින් දෙකකින් බල ගැන්වෙන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකි .
මෙහි ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළු කාර්යය මණ්ඩලය 07 දෙනෙකු සිටියහ .
මෙම ගුවන් යානය තායිලන්තයේ බැංකොක් සිට ඕමානයේ සලාම් ගුවන් තොටුපළ වෙත ඇන්ජිමක් රැගෙන යන අතරතුර දී , යානයට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම සදහා මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
අද (26) උදෑසන 8.30 ට ටී.එස්.ටී. - 7042 දරණ මෙම ගුවන් යානය අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමෙන් අනතුරුව , ඕමානයේ සලාම් වෙත පිටත්ව යෑමට සූදානම් වත්ම , එහි එක් ඇංජිමක කලු දුමාරයක් පිට කරමින් ගින්නක් හට ගෙන තිබේ .
ඒ සමගම මත්තල ගුවන් තොටුපළ ගිනි නිවීම් ඒකකය පැමිණ , මෙම ගින්න නිවා දමා තිබේ .
මෙම සිදු වීමෙන් පසුව සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් පැමිණ , මෙම ගුවන් යානය පරීක්ෂා කිරීමෙන් පසුව ලබා දෙන නිර්දේශය මත , මෙම ගුවන් යානය පිටත්ව යෑම හෝ අලුත්වැඩියා කිරීම සඳහා යොමු කිරීම සිදු වන බව මත්තල ගුවන් තොටුපළ කාර්යභාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අර නිතර ලංකාව හරහා යන තෙල් ගහන්න කියා පැමිණ කටුනායකදීද? අයිනක නිතර නවත්වා තිබෙන ඇන්ටනොෆ් යානය නේද? මට නම් මේ යානය ගැන සැකයි.
හොර රහසේ ආපු යානයක් වගෙයි. මුළු ගමනටම අවශ්‍ය තෙල් ගහගෙන එන්න නියමුවාට අමතක වුණාද? බැස්සුවෙත් මත්තලට නිසා ඒ පළාතේ පදිංචි "ලොක්කන්ගේ" ගමන් සඳහා ආපු එකක් ද කියන්නත් බැහැ. ඇතුලේ පටවාගෙන ආපු එන්ජිමට අමතරව තව මොනවා තිබුණද කියල කවුද දන්නේ? ආයෙත් උඩට නග්ගන්න ඉස්සර ටිකක් හොයා බැලුවොත් නරකද?
'නන්දලාල් දේ සිල්වා ' අනේ මෙහෙමත් මෝඩ මිනිස්සු. මේ ගුවන් යානය තම ලෝකේ තියෙන ලොකුම බැඳ ප්‍රවාහනය කරන ගුවන් යානය. මේක කටුනායකට ලෑන්ඩ් කරන්න බැහැ. ලංකාවේ මත්තල විතරයි ඉඩ තියෙන්නේ. අනෙක මත්තල ගුවන් තොටුපල තවම එතරම් කර්ර්ය බහුල නැති නිසා ප්‍රමාදයකින් තොරව මෙයාලට අවශ්‍ය පහසුකම් ගන්න පුළුවන්.
දැනටමත් ලංකාව කුඩු වලට හා වෙනත් ජාත්‍යන්තර හොර ජාවාරම් වල තිප්පලක් බවට පත්වෙලා ඉවරයි. පසුගිය රජය කාලයේදී මෙවැනි අපරාධකාරී ක්‍රියාවලට රාජ්‍ය අනුග්‍රහය ලැබුනේ ඒවායින් පාලකයින්ට කොමිස් මුදල් ලැබුන නිසයි. අලුත් ආණ්ඩුවක් ආව කියල ඕවා ගැන හොයලා බලන්නේ නැත්තේ ඒ ගොල්ලන්ගේ සමහරෙකුත් ඔවැනි ජාවාරම් වලට සම්බන්ධ නිසයි.
අනේ මෙහෙමත් මෝඩ මිනිස්සු!!! [ගුවන් යානය තමයි ලෝකේ තියෙන ලොකුම බැඳ ප්‍රවාහනය කරන ගුවන් යානය....] මොකක්? පින්තූරය දැක්කම නම් කුඩා කපුටෙක් වගේ විශාලයි! [අනෙක මත්තල ගුවන් තොටුපල තවම එතරම් කාර්ය බහුල නැති නිසා... එ්ක නම් ඇත්ත තමා !!!