
(සුජිත් හේවාජුලිගේ )
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණෙන aසියලු ගුවන් යානා සඳහා ගොඩ බැස්සවීමේ සහ නවතා තැබීමේ ගාස්තු වසර දෙකක කාලයක් සඳහා අය නොකිරීමට තීරණය කර ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
මෙම ගාස්තු මෙසේ නිදහස් කර ඇත්තේ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ගුවන් යානා සහ ගුවන් මගින් වැඩි වැඩියෙන් ආකර්ෂණය කර ගැනීමේ උපක්‍රමයක් ලෙස යයිද ඇමතිවරයා කීය.
මත්තල ගුවන් තොටුපළට ගුවන් යානා ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ලයන් එයාර්,යුක්රේන් එයාර් ලයින්,ඉන්ඩිගෝ,එයාර් ඉන්ඩියා,එයාර් විස්තාරා,සලාම් එයාර් ,එම්රේට්ස් සහ මෝල්ඩිවියන් එයාර් යන ගුවන් සමාගම් සමග සාකච්ඡා අවසන් කර ඇති බවත් එහි ප්‍රතිඵලයක් ලෙස විදේශීය ගුවන් සමාගම් අටක් මත්තල ගුවන්තොටුපොළට ගුවන් යානා එවීම අරඹා ඇති බවත් රණතුංග මහතා පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම වත් කරල බලන්න . නැත්තං ඕක වී ගබඩා කරන්නම තමයි වෙන්නේ . ඕකට එන්න මගීන් කැමැති නැහැ . කරදරයක් .
ඉතින් මෙකින් ප්‍රයෝජනයක් නැහැ නේ කිසිම ආදායම් නැත් නම්. කිසිම සැලසුමකින් තොරව ගසා කන්න කරපු වැඩක්.
ජනතාව අසරණයි රට ඔබතුමන්ලාගේ
එහෙම නම් සුළු මුදලක් අයකරන්නයි වටින්නේ... එතකොට ගෙවීමට පුරුදු වෙනවා.
ඒ කියන්නේ රටෙ උතුරන්න ඩොලර්, යූරෝ. වගේ ඒවා පිරිලා, මොන උපක්‍රම දැම්මත් දැන් රට නැතිවෙලා ඉවරයි මහත්තයො...මෙ මගුල මොකෙකුට හරි ගන්න කියන්න, නැත්තම් ආපහු සුද්දනට දෙන්න ජනමතය විමසන්න ඡන්දයක් තියලා
දැන් ගාස්තු අඩු කලා කියමු. ඒත් එන්නෙ යන්නෙ මේ රටට එන අය විතරයි නේද? මන් දන්නැති නිසා අහන්නෙ..., අහස්යානා තියෙනවද ඉබාගාතේ යන? නැත්නම් ගමනාන්තයක් නැති? ගෙදරින් තරහ වෙලා බයික් එක අරගෙන හිස හැරුණු දිහාවට යන වගේ අය නැගපු. එහෙම දෙක තුනක් දවසට බා ගත්තොත් ගොඩ. බැරිද කට්ටිය ටිකක් උස ගස්වල නංගලා කොඩි වන වන ඉන්න වගේ දෙයක් කරන්න. කොළඹ යානා මෙතනට ගෙන්න ගත්තොත් ඒකටත් මේ කලදවස උදාවෙන බව මට විතරද දැනෙන්නෙ? නම ගහගන්න බොරු වැඩ කලා දැන් ගෙවපියව් බඩේ ඉන්න ඇයොත් ණය..
ගාස්තු අය නොකළත් ඕකට ගුවන් යානා එන්නේ නැහැ. ඒකට හේතුව ඔය ගුවන් තොටුපළ ජනශුන්‍ය ප්‍රදේශයක පිහිටීම.. ඕක තවදුරටත් පවත්වාගෙන යාමෙන් මසකට කෝටි කිහිපයක පාඩුවක් දරන්නට රජයට සිදුවේ. දැනට කළ හැකි හොදම විකල්පය කටුනායක පිහිටි ගුවන් හමුද කදවුර මත්තල ස්ථාපිත කිරීම පමණි.