(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මත්තල ගුවන්තොටුපළ විකුණා දැමීමට රජයේ කිසිදු සුදානමක් නැතැයි අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (11) උඩුගම්පළදී මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.
මත්තල ගුවන්තොටුපලේ කළමණාකාරිත්වය විධිමත් කිරීම සම්බන්ධයෙන් ඇමැතිවරයා කළ සදහනක් පදනම් කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන වාර්තා සම්පූර්ණයෙන්ම පදනම් විරහිත බවද ඇමැතිවරයා සඳහන් කළේය.
මෙය රජය අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් පරාජිත දේශපාලන පක්ෂ නියෝජිතයින් කිහිප දෙනෙකු සිතාමතාම සිදුකරන බොරු ප්‍රචාරයක් බව පෙන්වා දුන් ඇමැතිවරයා වත්මන් රජය ජාතික සම්පත් විකුණා දැමීමට කිසිසේත් සුදානම් නැතැයි කිවේය.
පසුගිය යහපාලන ආණ්ඩුව මෙන් එකක් කියා එකක් කිරීමේ ප්‍රතිපත්තියක් වත්මන් රජයට නොමැති බව පැවසූ රණතුංග මහතා වත්මන් ආණ්ඩුව කියන දේ කරන කරන දේ කියන ආණ්ඩුවක් බවද කීවේය.
මත්තල ගුවන්තොටුපල මගී හා භාණ්ඩ ප්‍රවාහන ගුවන්තොටුපළක් ලෙස සංවර්ධනය කිරීම සඳහා වත්මන් රජය අවධානය යොමු කර ඇතැයි පෙන්වා දුන් රණතුංග මහතා ඉතා කඩිනමින් මත්තල ගුවන්තොටුපල ක්‍රියාකාරී ගුවන්තොටුපලක් බවට පත් කිරීම රජයේ අරමුණ බවද මෙහිදී අවධාරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය දෙගොල්ලන්ගෙම වෙනසක් නෑ. දූෂණ, හොරකම්, වංචා සිදුකරලා රට ණය කරලා සම්පත් විකුණල දානවා . නැත්නම් බදු දෙනවා. මතකද පෝර්ට් සිටි එක චීනෙට විකුණවා.
ඕක ඉතින් අලුතින් කියන්න දෙයක්ද ? පහුගිය යහපාලන රජය උනත් එම "සුදු අලියා" කිසිදිනක විකුණා කන්න අදහස් කළේ නැත. කොහොම උනත් කුමන අවාසනාවකට හෝ ගුවන් යානා නොඑන වනසතුන්ගේ පාරාදීසයක් වන මෙම "හුළං තොටුපොල" විකුණන්න සිදුවුනොත් එහි හැම අඟලකම සවිකර තිබෙන "රාජපක්ෂ බෝඩ් ලෑලි, නාම පුවරුවලට " අබ සරණයි. එනිසා මෙය රැකගැනීම රාජපක්ෂවරුන්ගේ වගකීමක් විය යුතුයි.
දැන් රටේ හැම දෙයක්ම විකුණන් කන කෙනා එළවා ඇති නිසා විකුණන්න කෙනෙක් දැන් නැහැ.
හොඳට බලලා වැඩියෙන්ම කොමිස් එක ලැබෙන තැනට වැඩේ සෙට් කරන්න. ඔය වැඩ හොඳට පුරුදුයිනේ.
එජපය විකුණනන් හැදුවෙත් නෑ. මහින්ද රට හිරකරපු ණය උගුල් අතරට මත්තලත් තියෙනවා. අනික මේ ඔය දේපළ විකුණද්දි සමහර දේශපාලකයෝ කප්පම් අහුවෙනවනේ නේද ?
මත්තල නිකන් දුන්නත් ගන්න කිසිකෙනෙකු සූදානම් නැහැ කියලයි මට නම් හිතෙන්නේ. ඕකයි, වරායයි, සම්මන්ත්රණ ශාලාවයි, පාරවල් ටිකයි හැදුවේ පාර්ලිමේන්තු මන්දිරයකුයි, දළඳා මාලිගාවකුයි හදලා අගනගරයත් ඔතෙන්ට ගෙනියන්න හිතා ගෙනනේ... අපි දන්නේ නැද්ද තිබුණු සැලසුම් කොයි කොයි ආකාරයේ ඒවාද කියලා...?
මත්තල ගුවන් තොටුපොළ හැදුවේ හිටපු පවුල් පාලන ආණ්ඩුවේ අයගේ ප්‍රයෝජනයට කියලනේ හැමෝම කිව්වේ... මොනතරම් කොමිස් කුට්ට් තමුන්ගේ සාක්කුවලට ගියාද? නූපන් දරුවන් පවා ලොකේට ණය කාරයන් කරලා උන්උන් ගසාකාපු එකයි සිද්ධ වුනේ....
මං මේ කල්පනා කලේ රටේ වැදගත් හැටියට ගැනෙන හැම ප්‍රශ්නයක් ගැනම දැන් කතා කරන්නේ මේ වගේ කට්ටියනේ කියලා. ගම්මන්පිල, ප්‍රසන්න වගේ උදවිය අඩු ගණනේ තමන් කතා කරන්නේ මොනවද කියලවත් දන්නවද මන්දා...? ලොකු මහත්තුරු කට අරින්නේ නෑ. සමහරවිට මේ වගේ අය පාවිච්චි කරලා මුට්ටිය දාලා බලනවද මන්දා... ජනතාව දන්නවා මේවා නිකම්ම හිස් මුට්ටි බව... ඒ හින්දා මොනවා කිව්වත් ගණන් ගන්නෙත් නැහැ.
මොනවා වුණත් මේ ආයතනය හදලා ඉවරයි. එ්කෙන් රටට ප්‍රයෝජනයක් වෙන විදිහට ක්‍රියා කරන්න පාලකයෝ දැනගන්න ඕනේ... පසුගිය අවුරුදු 5 එහෙම ප්රයත්නයක් කළානම් ඒ වැඩ ටික ඉදිරියට කරගෙන යන්න. රටට අවශ්‍ය ජාතික ප්‍රතිපත්ති මිසක් පක්ෂ ප්‍රතිපත්ති නොවේ. දැන්වත් සිංහල ජාතිය මේක හොඳට සිහිකරගෙන ඔය පක්ෂ ගැතිකම වෙනස් කරලා රට ගැන සිතන්න. නැත්නම් ඔය ගොල්ලෝ හැමදාම දේශපාලන වහල්ලු වෙනවා මිසක් දියුණුවකට දායකවෙන කොටසක් වෙන්නේ නැත.
ගුවන් යානා එන්නේ නැති ගුවන් තොටුපොළක් ගන්නේ කවුද?
විකුණන්නේ නෑ.. 99 අවුරුදු බදුදෙනවා...