
(සුජිත් හේවාජුලිගේ)
හම්බන්තොට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ පසුගිය වසර හතේදි (2018 - 2024) රුපියල් කෝටි 3936ක පමණ පාඩුවක් ලබා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ
එම ගුවන්තොටුපොළේ පසුගිය වසරේ වියදම රුපියල් කෝටි 360 ක් ලෙස දැක්වෙද්දී ආදායම කෝටි 24 ක් බව එම වාර්තාව සඳහන් කරයි.
මේ අනුව ගුවන්තොටුපළේ ආදායමට සාපේක්ෂව වියදම දාහතර ගුණයකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක පාඩු නම් වහලා දමන්න. එහෙම නැතිනම් ගුවන් හමුදාවට දෙන්න... නිකම් බොරුවට අපේ බදු සල්ලි පුච්චන්නේ නැතිව.
මහින්දගේ තවත් කෙරුවාක්...
මත්තල සාර්ථක ව්‍යාපෘතියක් කියලා තවමත් හිතාගෙන ඉන්න අය දකින්නම ඕන ප්‍රවෘත්තියක්...
විදේශීය ගුවන් සමාගම් ඇතුළුව, ගුවන් සමාගම් 38 ක් පමණයි ලංකාවට එන්නේ. දවසකට දල වශයෙන් ගුවන් ගමන් වාර 50 ක් පමණයි. වෙනත් බොහෝ දියුණු රටවල, එක් ගුවන් තොටුපොලක් මගින් ගුවන් ගමන් වාර 250-350 දක්වා මෙහෙයවනවා. මත්තල හැදුවේ රටේ අවශ්‍යතාවයකට නොවෙයි. ගුවන් තොටුපොල හැදුවාට අමතරව, ආගමන-විගමන, රේගු, ආරක්ෂක ඇතුළුව 400 ක් පමණ, පැය 24 ම සේවයට යොදවනවා. ඔක්කෝම "බකන් නිලාගෙන" තමයි ඉන්නේ. ගුවන් ගමන් නැති නිසා. ගුවන් යානා පුහුණු කිරීම හෝ වෙනත් කටයුත්තක් සඳහා මෙය වෙන් කිරීම මගින්, දැනට සිදුවෙන පාඩුව නැති කිරීම සහ කිසියම් ආදායමක් ගන්න පුළුවන්... දැනට "අදායමට සාපේක්ෂව වියදම 14 ගුණයකි. දැන් සැපද? කියලා තමයි අහන්න වෙන්නේ...