IMG-LOGO

2025 අගෝස්තු මස 02 වන සෙනසුරාදා


මතුගම තිදරු මව ඝාතනයට ඇමැති නිලධාරිනියක් අල්ලයි?

(සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මතුගම තිදරු මවකගේ හිසට ඉකුත් 15 දා වෙඩිතබා ඝාතනය කිරීම සැලසුම් කිරිමට කොන්ත්‍රාත්තුවක් ලබාදීම සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක අද (24) පස්වරුවේ අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මතුගම ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන මතුගම ශාන් අරෝස් නැමැත්තාගේ බිරිඳ බවද පොලිසිය කීය.

ඉකුත් 15 දා රාත්‍රි මතුගම ගාමිණී මාවතේ නිවසක් තුල චන්දිමා දිලහානී පෙරේරා නමැති 40 හැවිරිදි තිදරු මව වෙඩි ප්‍රහාරයකට ලක්ව ඝාතනය වී තිබිණි.

එසේ මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා තවත් පුද්ගලයන් දෙදෙනකු සමගින් ඉකුත් 9 දා, අත්අඩංගුවට පත්ව ඇති තැනැත්තිය විසින් මතුගම නගරයේ පවත්වාගෙන යන මූල්‍ය ආයතනයකට පැමිණ කඩු පොලුවලින් පහරදී අලාභහානි සිදුකර තිබු බවද පොලිසිය සඳහන් කරයි .

එම පහරදීමට පලිගැනීමක් ලෙසින් ඔහු ඝාතනය කිරීමට කල උත්සහය ව්‍යර්ථ වීමෙන් පසු ඔහුගේ බිරිඳ ඝාතනය කරන්නට ඇති බවට සැක පලකරන බවද පොලිසිය කීය.

සැකකාර කාන්තාව කොළඹ ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන ඇතැයි පැවසේ.

අත්අඩංගුවට ගෙන ඇති කාන්තාව රාජ්‍ය අමාත්‍යවරයකුගේ සම්බන්ධීකරණ නිලධාරිනි තනතුරක් දරණ බවට ලද තොරතුරක් ඔස්සේ පරීක්ෂණ සිදුකරන බවද උසස් පොලිස් නිලධාරියෙක් කීය .

 



අදහස් (3)

මතුගම තිදරු මව ඝාතනයට ඇමැති නිලධාරිනියක් අල්ලයි?

Raveendra Friday, 25 February 2022 10:18 AM

ගසට, පොත්ත සේ දේශපාලුවන් සමග පාතාලයින් සම්බන්ධ බවට මෙයත් කදිම උදාහරණයකි. මෙය අප රටේ තිබෙන සෑම දේශපාලන පක්ෂයකම තිබෙන ප්‍රධාන ලක්ෂණයකි. එකෙකුටවත් තම හිතට එකඟව කිසිවිට කීමට නොහැක. අනේ අපි පාතාලයින් සමග කිසි සම්බන්ධයක් නැති බවට...

:       0       0

කිරි පුතා Friday, 25 February 2022 10:21 AM

ඇමතිගෙ සම්බනධීකරණ නිලධාරිනි පාතාලයෙකුගේ බිරිඳක්. හිතාගන්න පුළුවන්නේ ඉතිරි ටික...

:       0       0

Shan Friday, 25 February 2022 12:48 PM

අපේ රටේ සිදුවන 99%ක් බලුවැඩ පිටිපස්සේ ඉන්නේ දේශපාලකයෝ. මිනිස්සුනේ මේක තේරුම් ගන්න. එකෙක්ටවත් ඡන්දෙ දෙන්න එපා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 156 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 304 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 653 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site