(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බන්ධනාගාර නිලධාරියකු ලෙස වෙස් වලාගනිමින් කුඩු ජාවාරම් කරුවකු වන ‘සුනිල් ශාන්ත ‘ නැමැත්තා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් රැගෙන ගිය හිටපු හමුදා සෙබළා මේ මස 08 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අලුත් කඩේ අංක 02 අධිකරණය අද නියෝග කර තිබේ.
මෙලෙස රිමාන්ඩ් බාරයට පත් කෙරුණේ දෙව්රම්වෙහෙර පදිංචි හිටපු යුද හමුදා සෙබළකු වන ඉන්දික ප්‍රභාත් නැමැත්තෙකි.
මෙරටින් පලා ගොස් සිටින මා කඳුරේ මධුෂ් නැමැත්තාගේ සැලසුමක් අනුව ඉකුත් මස 17 වැනිදා මෙලෙස සිරකරුවකු රැගෙන ගොස් තිබිණි.
එලෙස පැන ගිය සුනිල් ශාන්ත නැමැති මත් ද්‍රව්‍ය ජාවාරම්කරු මීට පෙර මී මුරේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd