(සුජිත් හේවාජුලිගේ )
විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමත් සමග ද්විත්ව පුරවැසිභාවය සහිත කිසිවකුටත් පාර්ලිමේන්තු මන්ත්‍රීධුර දැරිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
ඒ අනුව පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් දස දෙනකුගේ මන්ත්‍රී ධුරයන් අහෝසි වන හෙයින් නම්බුකාර ලෙස ඉල්ලා අස්වන්නැයි රණවක මහතා ඉල්ලීමක් කළේය.
එමෙන්ම රජයේ ඉහළ තනතුරු දරණ ඇතැම් ද්විත්ව පුරවැසියන්ටද මෙය තීරණයක් ගැනීම සඳහා අවස්ථාවක් බව හෙතෙම කීවේය.
ද්විත්ව පුරවැසිභාවය සහිතව ශ්‍රී ලංකාවේ ජොලියට වැඩ කරන පුද්ගලයන් දැන් තීරණයක් ගතයුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කණගාටුයි එහෙම ඉවර කරන්න බැහැ මහත්මයා. ඡන්දෙට ඉස්සරවෙලා තීරණය කරන්න තිබුණා මහජන ඡන්දයෙන් පත් කරනකොට ඔය නීති තිබුණේ නැහැ. ජනතාව ඡන්දය දුන්න පත් කර ජනමත විචාරණයකින් තොරව ඔවුන් ඉවත් කරන්න බැහැ. කරපු මෝඩකම් ඇතුන් ලවා අද්දවන්න බැහැ. ද්විත්ව පුවවැසියත් උපන් රටේ පුරවැසියෙක්. එය අහෝසි කරන්න අධිකරණය මැදිහත් නොවනු ඇත.
ද්විත්ව පුරවැසියන් කියන්නේ මේ රට එපාවෙලා වෙනත් රටක සරණාගතයෙක් ලෙසට හෝ නැත්නම් වෙනත් ක්‍රමයකින් වෙන රටක පුරවැසියකු වෙච්චි කෙනෙක්. එපා වෙච්චි එකා ආයෙමත් එන්නේ හොඳකට නොවෙයි කියලා (සම)හරක් අයට තේරුම් ගැනීමට අබමල් රේණුවක තරම් මොළයක් නැහැ. මෙතැන තවත් ප්‍රශ්නයක් තියෙනවා. මොකද 2020 මැතිවරණ අවස්ථාව වනවිටත් දෙබිඩ්ඩන්ට ඡන්දය ඉල්ලන්න බැරි තත්වයක් තිබුණා කියලා හිතෙනවා. එහෙම නම් නාම යෝජනා දෙනවිට විරෝධතා නොදුන් අයත් නාමයෝජනා බාරගත් අයත් අනියමින් වරදක් කළා කියලා කියන්න පුළුවන්... කොහොම වුණත් ඔය කියන කට්ටියම වහාම ඉවත්විය යුත්තේ ඔවුන් මැතිවරණය සඳහා කූඨලේඛන ඉදිරිපත් කිරීම නිසායි.
ආයේ මොන එහෙකටද ද්විත්ව පුරවැසියෝ. ලන්කාවේ උගත්,බුද්දිමත් විෂය දැනුම ඇති අය නැතුවටද ?
එතකොට රටේ හැම ප්‍රශ්නයක්ම ඇතිවෙලා තියෙන්නේ ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තු ගිය නිසා? අනේ.. මෙහෙමත් හරක්...!
නාමල් රාජපක්ෂට විදෙස් පුරවැසිභාවයන් කීයක් තියෙනවද? හරි පිළිතුර ඉදිරිපත් කරන්නාට ශ්‍රී ලංකා පුරවැසිභාවය පිරිනමනු ලැබේ... !
කකුල් දෙක රටවල් දෙකක තියාගෙන සිටින කෙනෙකු රටට වැඩක් කරයි කියල හිතන්න අමාරුයි. මෙරට පුරවැසියන් සඳහා පමණක් දේශපාලන හා රජයේ තනතුරු ලබාදිය යුතුයි.
ද්විත්ව පුරවැසියන්ට බයවෙන්න ඕනේ නෑ... ඔය තරමටම මේක කුහකකමක්.. එක්කෙනෙක් දෙන්නෙක් නිසා සමස්ත ද්විත්ව පුරවැසියන්ටම චෝදනා කිරීම වැරැදියි. එයාලා අපේ රටේ පුරවැසිකම තියන් ඉන්නේ මෙහෙටත් ආදරේ නිසා වෙන්න පුළුවන්. ලංකාවේ තනි පුරවැසි භාවය තියන් රට කන කීදාහක් ඉන්නවද?
වෙන්න ඕනෑම වැඩක්... කපුටා ගෝන්...!
දැන් බලනකොට මේ රට විනාශ කරලා තියෙන්නේ ඩුවල් සිටිසන්ලා...
අර්බුදය ද්විත්ව පුරවැසිභාවයන නොව ලංකාවේ ප්ර්ලිමෙන්ටුවේ සිටිනා පක්ෂ මාරුකරමින් ඔවුන්ගේ වරප්ප්‍රසාද වෙනුවෙන් අවස්ථාවාදී දේශපාලනායක යෙදෙනාවූ දේශපාලකයන් නිසා මේවනවිට රට අර්බුද ගණනාවකට මුහුණ දෙමින් සිටි. නමුත් ද්විත්ව පුරවැසිභාවය ඇතිව හෝ නොමැතිව ලංකාවේ ඉපදුනු පුරවැසියන් විසින් ලංකාවේ දේශපාලනය උඩුකුරු යටිකුරු කිරීමට මේවනවිට බොහෝ පිරිසක් සුදානම්ව සිටි.
මම නම් කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අයෙත් වරක් සංශෝදනය කල යුතු වෙනවා. ඒ අනුව යම් ප්‍රමාණවත් උගත් කමක් සමග දක්ෂතාවයක් ඇති රටට විදේශ විනිමය යම් ප්‍රමාණයක් ගෙන ආ රටට යම් වැඩක් කල හැකි ද්විත්ව පුරවැසියන්ට මෙම නිතිය බල නොපාන බවට. එතකොට ඔය කපුටලා වගේ බොරුවට පුම්බගෙන හිටියට සාමාන්‍ය පෙළවත් නැති රටට ඩොලර් ගේනවා වෙනුවට තිබුණු ඩොලර් ටිකත් වච්චි කරන ගිය එවුන්ට එන්න බැරි විදියට විතරක් නිතිය හදන්න ඕනි. නැතිනම් නන්දලාල් ටත් යන්න වෙනවනේ නේද?
ලංකාවේ ඉන්න මිනිස්සු මෙච්චර මෝඩයි. තවමත් ඔවුන් කුලවාදය පිළිගන්නවා. එහෙව් රටක මේවා මොනවද? ද්විත්ව පුරවැසියන්ට බනින අය ඊර්ෂ්‍යාකාරයන්. ද්විත්ව පුරවැසියන් අමුතු සත්ව කොට්ටාශයක් නොවෙයි. ලංකාවේ කොහොමත් බෙහෙත් දෙන්නේ පයබරවායට පිටිකරටනෙ. ප්‍රශ්නය තියෙන්නේ වෙනකොහෙවත්. අල්ලගන්නේ ද්විත්ව පුරවැසි බවක්. මේ රට වැටුණේ දේශපාලුවන්ගේ සහ මිනිස්සුන්ගේ තකතීරු වැඩ නිසා. ඒකට ද්විත්ව පුරවැසි බව අල්ලා ගන්න එපා.
Legislature should not have dual citizenship holders !
කවුද ඒ දහය? හරිම සලරයි.
ද්විත්ව පුරවැසියන් මේ දක්වා කරලා තියෙන්නේ ලංකාවෙන් රුපියල් ඩොලර් වලට පරිවර්තනය කරලා ඒ රටවල් වලට පෙන්වීමයි. මේකට රජයේ නිලධාරීනුත් සම්බන්ධයි. නන්දලාල් උන්නැහේ ඉදිරියෙන්ම ඉන්නවා.
ඔය දෙක පුරවැසියන්ගේ අම්මා ඉන්නේ ලංකාවේ බව සියලු දෙනාට දන්වමි.ඇය ලංකාවේ ඉන්න අයගෙ දරුවන් කිසිවිටක ඇය අත හරින්නේ නැහැ.
මෙතන ද්විත්ව පුරවැසියන් හැටියට රටට වින කරන අය වෙන්නේ හොර දේශපාලකයන් මිසක් අනිත් මේ රටේ මිනිස්සු නොවේ
මං කියන්නේ පාර්ලිමේන්තුවට ද්විත්ව කාරයින්ට යන්න නොදෙන නීතියක් තිබුණා නම් ඇති. අනිත් අය මේ රට කාලා පැනලා යන්නේ නෑ.
ද්විත්ව පුරවැසියෝ ලන්කාවේ පාර්ලිමේන්තුවට යන්නේ ලැබෙන වාසි ,වරප්‍රසාද හින්දා .මොළහතා ඇවිත් කරපුවා ලෝකෙම දන්නවා .රටම හොරාකාලා කාබාසීනියා කරලා තමුන්ගේ මඩිය පුලුවන් තරම් තරකරගෙන රටිනුත් පැන්නා. හැමදෙයක්ම තමුන්ගේ පැවැත්මට,වාසියට කරපු දේවල් .
මේ රටට ආදරේ ජනතාවට ද්විත්ව පුරවැසිකම ගැටළුවක් නොවේ "තවත් ද්විත්ව පුරවැසියෙක්"නමින් අදහස් දැමූ මහත්මයා සෑබෑ ලෙසටම රටට ආදරේ ඇති බව පේනවා. එවැනි උතුම් මිනුසුන්ට ජාතියේ ප්‍රනාමය ගෞරවය නිබඳව ලැබිය යුතුයි.නමුත් ශ්‍රිලාංකිකයෝ සැවොම එකට එකතුවී ශ්‍රිලංකාව අපේ අනාගත පරපුර වෙනුවෙන් දියුණු කිරීමට අධිෂ්ටාන කර ගත යුතුය, ඒ සඳහා තමන්ගේ බඩ ගැන නොසිතා රට ගැන සිතන චින්තනයක් කුඩා කල සිට දරුවන්ට හුරු කලයුතුය. එමෙන්ම වංචාව හා දූෂණය කිසි කෙනෙකුට කල නොහැකි වන පරිදි නීති හා ඒවා ක්‍රියාත්මක කරන සුගම පද්ධතියක් ගොඩනැගිය යුතුය. ඒ සඳහා සියළුම ජනතාවගේ අනුග්‍රහයෙන් පාර්ලීමේන්තුව තුලින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගතයුතුය. එමෙන්ම රටට ගැලපෙන ලෙස සංවර්ධන කටයුතු සිදුකිරීමට ජාතික සංවර්ධන ප්‍රමුඛතා පද්ධතියක් ඇති කල යුතු අතර එමගින් රටේ ජාතික ,පළාත් ප්‍රාදේශීය වශයෙන් සංවර්ධන අවශ්‍යතා හඳුනාගෙන රටට හිතැති පරිදි දුරදක්නා නුවනින් සංවර්ධන ව්‍යාපෘති ප්‍රමුඛතා ගත කර ආයෝජන කටයුතු සිදුකල යුතුය.මේතුළ නිසි පසු විපරම් හා ඇගැයීම් ක්‍රමවේද ක්‍රියාත්මක කල යුතු අතර දූෂණ පිටුදැකින පද්ධතිය සමග ඒකා බද්ධ විය යුතුය. රටට ජයවේවා!