
(විමුක්ති එස් රුද්‍රිගු සහ ළහිරු හර්ෂණ)
මුතු රාජා දැන් තායිලන්ත රජුගේ අනුග්‍රහය යටතේ සිටින බැවින් නැවත ශ්‍රී ලංකාවට ලබා නොදෙන බව තායිලන්ත පරිසර අමාත්‍ය වරවුත් සිල්පා අර්චා මහතා ප්‍රකාශ කර ඇත.
වසර 22 කට පසුව තායිලන්තයට පැමිණිමෙන් පසු නව පරිසරයට ඉක්මණින් හුරු වූ බවත් මුතු රාජා තායිලන්තයේ සිටින ජනප්‍රියම ඇතා බවට පත්වී අවසන් බවත් වරවුත් මහතා පවසා තිබේ.මුතු රාජා දැන් තායිලන්ත රජුගේ අනුග්‍රහය යටතේ සිටින බැවින් නැවත ශ්‍රී ලංකාවට ලබා දෙන්නේද යන ප්‍රශ්නයට ඉඩක් නොමැති බව වරවුත් මහතා ප්‍රකාශ කර ඇත.
බැංකොක් නුවර සිටින ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ භික්ෂුවකගේ දුරකතන ඇමතුමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.දින 30 ක නිරෝධායන කාලය අවසන් වූ පසු දකුණු ඇසේ සුද ඇති වී සිටින මුතු රාජාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වැඩි දුර පරීක්ෂණ කටයුතු සිදු කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකාවේ සිටින අනෙක් ඇතුන් දෙදෙනාගෙන් එක් ඇතෙකුට සුළු තුවාල ඇති වී තිබුණත් ඔවුන් රැක බලාගැනීමේ හැකියාව ශ්‍රී ලංකාවට තිබෙන බව තමන් විශ්වාස කරන බව අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.ශ්‍රී ලංකාවේ ඇතැම් විශ්ව විද්‍යාල තායිලන්ත ඇතුන් දෙදෙනා රැක බලාගැනීමට එම විශ්ව විද්‍යාල වලට හැකි බවට තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යංශයට දන්වා ඇතැයි අමාත්‍යවරයා පවසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙන්නත් එපා.ඒ වගේ වටින සතෙක් මේ රටේ ඉන්න කහකඩයන්ට පරෙස්සමෙන් බලාගන්න බැරිනම් තව මොන කතාද.
ඇති යන්තම් උන්ට මොලේ පෑදුනා
රෙද්ද පල්ලේ බේරෙන ශ්‍රී ලංකාවේ අභිමානය...
තායිලන්තය කියන්නේ ඇත්තුන්ට නරක විදිහට සලකන රටක්. ඒක වහගන්න ලංකාවේ එන්ජීධ කල්ලියක් අල්ලගෙන අපි හරි හොදයි කියලා ලෝකෙට පෙන්නන්න කරපු වැඩක් කියලා පේන්නේ. මේකෙන් ලංකාවේ පශු වෛද්‍ය සේවය නරකයි කියන පණිවුඩයත් ලෝකෙට ගියා. ආපහු ගන්න දෙන්නේ මොකොටද ලොකු වුණහාම. ලංකාවේ සංස්කෘතිය නැති කිරීමේ සහ සංචාරක ව්‍යාපාරය නැති කිරීමත් මේවාගේ අරමුණ වෙන්න පුලුවන්
දැන් ඇතා ගැන කතා කරා ඇති නේද?
දෙන්නත් එපා. ඒ වගේ වටින සතෙක් මේ රටේ ඉන්න අයට පරෙස්සමෙන් බලාගන්න බැරි නම් තව මොන කතාද?
තව ටික දවසකින් ඇතාව ප්‍රදර්ශනය කරලා සල්ලි හම්බකරන business එක පටන් ගනී, රටේ ගැණු ටික ලෝකෙට විකුණන රටකට ඕවා මොනාද අපි නොදන්න තායිලන්තය.