
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහ සංවිධාන වලට අයත් රුපියල් බිලියන 3.1 කට අධික නීති විරෝධී වත්කම් සහ දේපොළ මේ වන විට තහනම් කර තිබෙන බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍යා ආරියරත්න මෙනවිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය.
මුදල් විශුද්ධිකරණ වැලැක්වීමේ(සංශෝධන), මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ (සංශෝධන) සහ ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති(සංශෝධන) යන පනත් කෙටුම්පත් ත්‍රිත්වයට අදාළ දෙවන වර කියවීමේ විවාදය අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරිය මේ බව කීවාය.
"හිටපු ජනාධිපතිවරයෙක් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙලා පැනලා ගිහිපු දවසක මෙවැනි පනත් ඉදිරිපත් කිරීමට ලැබීම දෛවෝපගත සිදුවීමක්.ආර්ථිකය ශක්තිමත් කරන බවටත් හොරකම් කරන ලද දේපළ නැවත පවරා ගන්නා බවටත් අප ජනතාවට පොරොන්දුවක් ලබා දුන්නා.ජනතාවට විනිවිද භාවයෙන් යුතු පාලනයක් ස්ථාපිත කරන බවට වූ පොරොන්දුව ඉටු කිරීමේ එක් පියවරක් ලෙස මේ වෑයම හඳුන්වා දෙන්න පුළුවන්.ත්‍රස්තවාදයට පාතාල අපරාධ වලට,නීති විරෝධී අවි ගනුදෙනුවලට එරෙහි යුද්ධයක් අප ආරම්භ කර තිබෙනවා.බන්ධනාගාර සිදුවීමෙන් මෙන්ම සජබ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයෙක් පාතාලයෙනුත් කප්පම් ගෙන රිමාන්ඩ් බන්ධනාගාරයට යාමට සිදුවීම ගැනත් හිටපු අධිකරණ ඇමතිවරයෙක්ගේ පුතෙක් ඊට සම්බන්ධ වීම ආදී සිදුවීම් ගැන බලන විට ත්‍රස්තවාදය පාතාල අවි ගනුදෙනු මෙන්ම මුදල් ගනුදෙනු ආදිය එකිනෙකට බැඳී තිබෙන බව අමුතුවෙන් කිව යුතු නැහැ.මුදල් විශුද්ධිකරණය කියන්නේ අපරාධකරුවන් මුදල් වෙනත් දේවල ආයෝජනය කිරීමට යොදා ගන්නා ප්‍රධාන ක්‍රියාවලියක්.පසුගිය කාලය පුරා මේවාට සහාය දුන්නේ දේශපාලකයන්.එවැනි පදනමක් නැතිව කිසිම පාතාල නායකයෙකුට ක්‍රියාත්මක වන්න හැකියාවක් තිබුණේ නැහැ යනුවෙන්ද නියෝජ්‍ය අමාත්‍යවරිය කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd