(ඉන්දිකා රාමනායක)
මත්ද්‍රව්‍ය ජාවාරමක අනුබල දීම සම්බන්ධයෙන් අනුරාධපුර කොට්ඨාස අපරාධ ඒකකයට අනුයුක්තව සේවය කරන පොලිස් පරීක්ෂකවරයෙක් අද (18) පෙරවරු 11.15 ට පමණ අනුරාධපුර මුලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු බාරයේ තිබු දුරකතන 5 ක් පොලිසියට බාරගෙන ගෙන ඇති අතර මොහු මත්ද්‍රව්‍ය ජාවාරමක අනුබල ලබා දීමක් සිදුකර ඇති බවට ලැබුණු තොරතුරු අනුව දුරකතන විශ්ලේෂන වාර්තා ලබාගෙන මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
සැකකාර පොලිස් පරීක්ෂක අද අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින 7 රැඳවුම් නියෝග ලබාගෙන ප්‍රශ්න කිරීමට නියමිතයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd