(එම්.සුසිල් පියන්ත සහ ජනක් ද සිල්වා)

රුපියල් ලක්ෂ හතක් පමණ වටිනා මත් කරල් තොගයක් රැගෙන යමින් සිටි පුද්ගලයෙක් ඊයේ  (26) පස්වරුවේදී ඌරගස්මංහන්දිය යුද පිටිය කීඩාංගණය අසලදී සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගත් බව කොස්ගොඩ පොලීසිය කියයි.

ඌරගස්මංසන්ධිය සිට කොස්ගොඩ දෙසට  සැකකරු රැගෙන යමින් සිටි මත් කරල් 1,340ක් සහිත පැකට් තොගයක් සොයාගත් බවද පොලීසිය කියයි.

සැකකරු මත් කරලක් රුපියල් පන්සීයකට අලෙවි කරන බව විමර්ශනයේදී අනාවරණයවූ බවද පොලීසිය කියයි.

මත් කරල් රැගෙන යමින් සිටි සැකකරු ඌරගස්මංහන්දිය ,කයිලත්ත පදේශයේ පදිංචි හතලිස් හැවිරිදි අයෙක් බවද පොලීසිය කියයි.