
(ඩයනා උදයංගනී)
ඉදිරියේදී මැති ඇමතිවරුන්ද පාපැදියෙන් ගමන් කරනු ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
මෙහිදී ආරක්ෂක ප්‍රශ්න ආදිය නිසා එක්වරම මෙය ක්‍රියාත්මක කළ නොහැකි වුවත්, ක්‍රමානුකූලව සතියකට හෝ මසකට දවසක් හෝ මැති ඇමතිවරුන් ද පාපැදිය භාවිතා කිරීමේ හැකියාවක් ඇතිවනු ඇතැයි ඇමතිවරයා සඳහන් කළේය.
මේ වන විටත් රජයේ නිලධාරීන් පාපැදිවලින් රාජකාරියට එන බව කී ඇමතිවරයා ඔවුන් අගයකිරීමේ වැඩපිළිවෙලක් සකස් කරන බව ද කීවේය.
ඇමතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට ආපස්සට... බයියෝ කියනවා කොහොමද සර්ගේ මොලේ කියලා...?
නිකම් බොරු වැඩ කරන්නේ නැතිව, පාපැදියෙන් යනවා නම් හැමදාම යන්න. නැතිනම් නිල රථයේම යන්න. මෙයාලා මොකේ ගියත් රටට සෙතක් වෙන්නේ නැහැ. රට අගාධයට ඇදලා දාලා දැන් පාපැදියේ යනවා හොර රැළ...
අමු කැවිලද මන්දා...? මන්ද බුද්ධිකයින් 226 වැසිකිළි යන්නෙත් V8 එකෙන්.. එහෙව් හිඟන්නන් පොහොසත් මිනිසුන් භාවිතා කරන පාපැදි මිලදී ගන්න මේ හිඟන්නන්ට කොහෙන්ද සල්ලි...? මේ අය මහජනතාවට විහිලුමයි සපයන්නේ...
රට කනවා... හොරකමේ යන්නද දන්නේ නැහැ..? බොරු සෝබන..!
ඝර්මකලාපීය රටවල මේවා ප්‍රායෝගික නෑනේ... කෙරෙන දෙයක් කතාකළා නම් අඩුම තරමේ කාලය හරි ඉතිරි වෙනවා..