(සුජිත් හේවාජුලිගේ)
ඉන්ධන හිඟය නිසා ඇමැතිවරුන්ගේ නිල රාජකාරි කටයුතුද ( ගමන් බිමන්) බොහොමයක් අවලංගු කර ඇතැයි වාර්තා වේ.
වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ගාල්ල වරායේ නිරීක්ෂණ චාරිකාවක පෙරේදා (25) නිරතවීමට නියමිතව සිටියද එම චාරිකාව ඉන්ධන ප්‍රශ්නය හේතුවෙන් අවලංගු කළ බව ඒ අමාත්‍යංශ ආරංචි මාර්ගවලින් පැවසෙයි.
එසේම නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා පලාලි ගුවන්තොටුපොළ නිරීක්ෂණය කිරීම සඳහා යාපනය බලා පසුගියදා පිටව ගොස් තිබුණේ දුම්රියෙනි.
ඉන්ධන ප්‍රශ්නය නිසා සිය නිල රථය ඒ සඳහා සූදානම් නොකර දුම්රියෙන් යෑමට අවශ්‍ය කටයුතු යොදන්නැයි අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස්දී තිබූ අතර දුම්රිය ගමන සැලසුම් කෙරුණේ ඒ අනුවය.
එසේම ඉන්ධන ප්‍රශ්නය හේතුවෙන් නිමල් සිරිපාල අමාත්‍යවරයා යාපනයේ සිට ත්‍රිකුණාමලය වරාය දක්වාත් එතැන් සිට කොළඹ දක්වාත් ගමන් කර ඇත්තේද කුඩා වෑන් රථයකිනි.
මේ අතර ඉන්ධන ප්‍රශ්නය හේතුවෙන් තවත් ඇමැතිවරුන් ගණනාවක් සිය නිල රථ වෙනුවට කුඩා වාහන මේ දිනවල පාවිච්චි කරන බව දැනගන්නට ඇත.
එසේම බොහෝ අමාත්‍යාංශවල වාහන පරිහරණයද සියයට 70 කින් පමණ අඩු කර ඇතැයි වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙච්චර කල් රාජකාරි කරලා කරපු හරිය මදැයි. ගෙදරට වෙලා හොරාකාපු සල්ලිවලින් කාලාබීලා ඉන්න.
රට කෑවා...!
මැති ඇමැතිලාව, මිනිස්සු සම්බෝල කරන දවස වැඩිදරක නැහැ.
මොවුන්ට මොන නිල කටයුතුද? ඔතැනට පැන්න දවසේ ඉඳලා බලන්නේ හොරකම් කරන්න, සැපගන්න, මාලිගා වගේ වාහනවල යන්න. ඔය වාහන ඇතුළේම පරලොව යන්න වන කාලේ ළඟදීම ඔය කට්ටියට දැනෙයි.
අපි ට නම් ආරන්ච් බයට ජනතාව ට හොරෙන් යන්න පොඩි වාහන වල යන්නෙ කියලා
මුන්ගේ මොන රාජකාරි ද ? ඉන්ධන තිබ්බා කියලා වැඩක් කරපු එවුන්ද
රස්නෙ දැනෙයි වාහනේ ඇතුළටම දාලා ගිනි තිබ්බා නම්...!
මේ කාලකන්නි ආන්ඩුව ඉන්නකම් රටට කිසිම සෙතක් නෑ.
දූෂිත දේශපාලුවන් එකතුවෙලා රටම වලපල්ලට ඇදලා දැම්මා. හොර පාරෙන් නම් දේශපාලුවන්ට ඉන්ධන හම්බවෙනවා ඇති...