(සුජිත් හේවාජුලිගේ)
හිටපු ඇමැතිවරුන්, මන්ත්‍රීවරුන් ඇතුළු විවිධ තරාතිරම්වල දේශපාලඥයන්ගේ නිවාස ඇතුලු දේපළවලට හානි කළ බව කියන අනුරාධපුර ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු සහ භික්ෂූන් වහන්සේ නමක් ඇතුළු පුද්ගලයෝ 80 දෙනෙක් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
අත්අඩංගුවට ගනු ලැබූ මෙම පිරිසෙන් බහුතරයක් අධිකරණවලට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබූහ.
ප්‍රචණ්ඩකාරීන් විසින් විනාශ කරනු ලැබූ දේපළ අයත් දේශපාලඥයන් පිරිසටනගරාධිපතිවරුද ප්‍රාදේශීය සභා සභාපතිවරුනද , නාගරික මන්ත්‍රීවරු සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුද ඇතුළත් වෙති.
මෙයට අමතරව ඔවුන්ගේ ළඟම ඥාතීන් පිරිසකගේ නිවාස ඇතුලු දේපළවලටද ප්‍රචණ්ඩකාරීන් විසින් හානි කරනු ලැබ ඇත. දේපළ හානිවූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 74 කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නමුත් මේ හැමදේටම මුල්පුරුක වූ දේශපාලකයන් බංකර් එක අස්සේ.. ඒ ගොල්ලන්ට නීතිය ක්‍රියාත්මක නෑ.
මැති, ඇමතිලටත් මුල ඉඳලා හරියට නීතිය ක්‍රියාත්මක කළා නම් මිනිස්සු නීතිය අතට ගන්නේ නෑ...!
සහචර හැතිකරේ කවදාවත් අල්ලන්නේ නෑ. මොකද ඒ අයට නීතියක් නෑ.. ගෝඨා, රනිල් ගෝ හෝම්...!
මොවුන්ව අල්ලන්න පුළුවන් වුණා ඉක්මණට... එතකොට සමාදානයෙන් සිටි අරගලකරුවන්ට තඩිබා අලාභහානි සහ තුවාල කළ පොහොට්ටුවේ උන් කවුරුවත් අල්ලන්න පොලීසියට කොන්දක් නැතිවුණා. නුඹලා පොලිස් නිලධාරීන්ද?