
(අංජුල මහික වීරරත්න)
මැණික් අපනයනය කිරීමෙන් 2025 වසර වන විට ඇමරිකා ඩොලර් බිලියන දෙකක වාර්ෂික ආදායමක් උපයා ගැනීමට අපේක්ෂා කරන බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති සහා ප්‍රධාන විධායක නිලධාරී විරාජ් ද සිල්වා මහතා පැවසීය.
මේ වසරේ ගත වූ මුල් මාස හතේ පමණක් මැණික් අපනයනය කිරීමෙන් ඇමරිකා ඩොලර් මිලියන 312ක ආදායමක් උපයා ගැනීමට සමත් වූ බවත්, මේ වසර අවසන් වන විට ඇමරිකානු ඩොලර් මිලියන 500ක ආදායමක් ලබා ගැනීමට අපේක්ෂා කරන බවත් සභාපතිවරයා පෙන්වා දුන්නේය.
ඩොලර් බිලියන දෙකක ඉලක්කය සපුරා ගැනීමට ප්‍රධාන බාධකය වී ඇති නීතිවිරෝධී ලෙස මැණික් රටින් පිට කිරීම නැවැත්වීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි වැඩපිළිවෙළක් මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති බවද සභාපතිවරයා සඳහන් කළේය.
ඒ අනුව, විදේශිය ගැණුම් කරුවන්ට සෘජුවම මෙරට වෙන්දේසියෙන් මැණික් මිලට ගැනීමට හැකියාව ලබා දීමට අවශ්‍ය පියවර නුදුරේදීම ගන්නා බව ද විරාජ් ද සිල්වා මහතා පැවසීය.
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති විරාජ් ද සිල්වා මහතා මේ බව සඳහන් කර සිටියේ ජනාධිපති මාධ්‍ය අංශය නිෂ්පාදනය කරන ‘වන් ඕ වන් කතා' වැඩසටහනට එක්වෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනට අවුරුදු එකහමාරට කලින් මේ ආණ්ඩුව මහා ලොකුවට පම්බෝරි ගැහුවා ලෝකේ විශාලතම සහ ලෝකේ ලොකුම වටිනාකමින් යුතු මැණික් ගලක් ලංකාවේ හමුවුණු බවත්, ලොකු මාධ්‍ය සන්දන්ර්ශනයත් පෙන්නුවා. එම මැණික් ගල විකුණලා රටේ ණය බරත් බේරලා, රට සන්වර්ධනත් කරනවයි කියලත් කිව්වා. දැන් එම ගලට මොනවාද වුනේ? මෙහම තමයි විටින් විට මන්නාරමේ තෙල් නිඩියත් හමුවුනා.
විරාජ් මැතිතුමා ඔහේලා 2025 වෙනකොට ඩොලර් බිලියන දෙකක් ගේන්න හදනවා ඒත් මැණික් සොයන්න කරන නාස්ති නිසා සිදුවන විනාශය ඩොලර් බිලියන 200 කින් වත් පිරිමසා ගන්න බැහැ රටේ ජල ප්‍රශ්නය එකක් ගෙවල් දොරවල් විනාශ වෙලා ඒවායේ ඉන්න ජනතාව පීඩාවට පත්වෙනවා කෙලවරක් නැතුව සිදුවන විනාශ වීම් ඩොලර් බිලියන දෙකෙන් වහන්න බැහැ එනිසා ඉදිරියේ වත් පතල් සදහා බලපත්‍ර දෙනවිට පතල්කරු ගැන පමණක් නොවෙයි සාමාන්‍ය ජනතාව ගැනත් අවධානයට ගන්න