
(නිමල් ජයරත්න)
වටිනා මැණික් ගල්තුනක් අලෙවි ගිය පුද්ගලයකු නවතා රාජකාරි ගිනිඅවියෙන් අහසට වෙඩිතබා, බියගන්වා එම මැණික් ගල්තුන පැහැර ගත්තැයි කියන හේනානිගල වනජීවි කාර්යාලයේ තිදෙනකු ඇතුළු සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය කියයි.
මාදුරුඔය හේනානිගල සිදුවූ මෙම සිද්ධියට යොදාගත් බව කියන ගිනිඅවියක් සහ අත්මාංචුවක් ද පැහැරගත් මැණික් ගල් දෙකකද පොලිස් බාරයට ගෙන ඇත.
ජූලි 7 වෙනිදා රාත්‍රියේදී මෙම සිද්ධිය සිදුව ඇති අතර ඒ පිළිබඳ පොලොන්නරුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට ලද පැමිණිල්ලක් අනුව දුරකථන අංක උපයෝගීකර කරගනිමින් කරන ලද විමර්ශනයට අනුව අදාල වනජීවීනිලධාරීන් තිදෙනා සහ ඒ සඳහා ඔත්තු ලබාදුන් තවත් පුද්ගලයකු මෙහිදී අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණු බවද කොට්ඨාශ විමර්ශන අංශය සඳහන් කරයි,

2025 දෙසැම්බර් මස 18
363
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැණික් මං කොල්ලයකට වනජිවියේ තුනක් ඇතුළු හතරක් මාට්ටු
Bamunuarachchi Thursday, 24 August 2023 12:48 AM
වටිනා දෙයක් දැක්කාම ඇම දැක්ක මාළුවෝ වෙනවා. තම රාජකාරීය අනාගතේ පවුල මේ සියළුම දේ අමතක වෙලා මංකොල්ල කාල දවස් දෙකක් යන්න කලින් අර සියළුමදේ නැති කර ගන්නවා. යකෝ කියවපල්ලා පත්තර මංකොල්ල කාල හොරකම් කරලා දවස් දෙක යන්න කලින් කොටුවෙන හැටි දැනගන්න. දැන් තොපිට මැණිකත් නැහැ රස්සාවත් නැහැ බිරිද දරුවන්ගේ නම්බුවත් නැහැ. පාසැලේ ළමයි දරුවන් අහවි උඹලාගේ තාත්තා මංකොල්ල කාල හිරේ නේද කියලා.