
(නිමල් ජයරත්න)
වටිනා මැණික් ගල්තුනක් අලෙවි ගිය පුද්ගලයකු නවතා රාජකාරි ගිනිඅවියෙන් අහසට වෙඩිතබා, බියගන්වා එම මැණික් ගල්තුන පැහැර ගත්තැයි කියන හේනානිගල වනජීවි කාර්යාලයේ තිදෙනකු ඇතුළු සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය කියයි.
මාදුරුඔය හේනානිගල සිදුවූ මෙම සිද්ධියට යොදාගත් බව කියන ගිනිඅවියක් සහ අත්මාංචුවක් ද පැහැරගත් මැණික් ගල් දෙකකද පොලිස් බාරයට ගෙන ඇත.
ජූලි 7 වෙනිදා රාත්‍රියේදී මෙම සිද්ධිය සිදුව ඇති අතර ඒ පිළිබඳ පොලොන්නරුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට ලද පැමිණිල්ලක් අනුව දුරකථන අංක උපයෝගීකර කරගනිමින් කරන ලද විමර්ශනයට අනුව අදාල වනජීවීනිලධාරීන් තිදෙනා සහ ඒ සඳහා ඔත්තු ලබාදුන් තවත් පුද්ගලයකු මෙහිදී අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණු බවද කොට්ඨාශ විමර්ශන අංශය සඳහන් කරයි,

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වටිනා දෙයක් දැක්කාම ඇම දැක්ක මාළුවෝ වෙනවා. තම රාජකාරීය අනාගතේ පවුල මේ සියළුම දේ අමතක වෙලා මංකොල්ල කාල දවස් දෙකක් යන්න කලින් අර සියළුමදේ නැති කර ගන්නවා. යකෝ කියවපල්ලා පත්තර මංකොල්ල කාල හොරකම් කරලා දවස් දෙක යන්න කලින් කොටුවෙන හැටි දැනගන්න. දැන් තොපිට මැණිකත් නැහැ රස්සාවත් නැහැ බිරිද දරුවන්ගේ නම්බුවත් නැහැ. පාසැලේ ළමයි දරුවන් අහවි උඹලාගේ තාත්තා මංකොල්ල කාල හිරේ නේද කියලා.