
(නිමල් ජයරත්න)
පොලොන්නරුව වැලිකන්ද වඩමුනේ,මාදුරුඔය,කුඩාඔය ඇතුළු ප්‍රදේශවල වැලි ජාවාරම්කරුවන් පිරිසක් ටැක්ටර්,ටිපර්, බැකෝ යන්ත්‍ර, ගඟට බස්සවා දිවා රාත්‍රී දෙකේම මහා පරිමාණයෙන් සිදු කරන වැලි ජාවාරම් නිසා වඩමුනේ පාලමට මෙන්ම පරිසරයට මහා විනාශයක් සිදුවන බව ප්‍රදේශ්වාසීහු චෝදනා කරති.
ආණ්ඩු පක්ෂයේ ඇතැම් ප්‍රාදේශීය දේශපාලඥයන් මෙම වැලි ජාවාරම පිටුපස සිටින බව පරිසර සංවිධාන පෙන්වා දෙයි.
වඩමුනේ මංසන්ධිය අසල මාර්ග බාධක තිබුණද, ආරක්ෂක අංශවලට වැලි ගසමින් සිදුකරන මෙම මහාපරිමාණ වැලි ජාවාරමට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම පුදුමයට කරුණක් බව ජනතාව චෝදනා කරති.
මෙම මහා පරිමාණ වැලි ජාවාරම නිසා වැලිකන්ද වඩ්මුනේ ප්‍රධාන මාර්ගයේ වඩමුනේ පාලමට දැඩි හානි සිදුව එහි කොන්ක්‍රීට් කණුවල පාදම පෑදී ඇති බව ද පරිසරවේදීහු සඳහන් කරති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැතිබැරි කමට අල්ලපු වත්තේ පොල් ගෙඩියක් අහුලපු මනුස්සයා හිරේ යනකොට මෙයාලා ගොඩින් බේරෙනවා පාටයි. ඇස් කන් වසාගෙන ඉන්න උගතුන් ඉන්න රටක් මේ... පාළුවෝ ගෑවිච්චි නිසයි මෙච්චර එඩිතර...
ඔන්න හිටංගේ මල්ලි හුටං ආයේම වැඩේ පටං අරං. පොළොන්නරුවෙ නම් වැලි නම් හිටං හා හුටං තමයි...