(තිළිණි ද සිල්වා)
මඩකලපුව ෂරියා විශ්ව විද්‍යාලය සතු කොල්ලූපිටිය ශාඛාවේ පවත්වා ගෙන යන ගිණුමට සෞදි අරාබියෙන් කිසිදු ණය මුදලක් බැර වී නැතැයි ලංකා බැංකුවේ ප‍්‍රධාන කාර්යාලයේ පේ‍්‍රෂණ අංශයේ කළමනාකරු ජනක් ප‍්‍රසංග මහතා අද (20) රජයේ ආයතන වල සිදුවී ඇතැයි කියන දූෂණ වංචා පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ පොලිස් ඒකකයට ප‍්‍රකාශයක් දෙමින් දැනුම් දී ඇත.
වත්මන් රජයේ ආයතනවල සිදුවී ඇතැයි කියන දූෂණ වංචා පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ ෂරියා විශ්ව විද්‍යාලයට එරෙහිව ගොනු කළ පැමිණිල්ලට අදාළව ප‍්‍රකාශ සටහන් කර ගැනීමට ලංකා බැංකුවේ ප‍්‍රධාන කාර්යාලයේ ප්‍රේෂණ අංශයේ කළමනාකරු අද එම කොමිසමේ පොලිස් ඒකකයට කැඳවා තිබිණි. එහිදී එම පොලිස් ඒකකයට ප‍්‍රකාශයක් ලබා දෙමින් එම කළමනාකාරවරයා මේ බව සඳහන් කර ඇතැයි එම කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
පැමිණිල්ලට අදාළව එම කළමනාකාරවරයාගෙන් අද පෙරවරුවේ සිට පැය තුනකට ආසන්න කාලයක් ප‍්‍රකාශ සටහන් කර ගත් බවද එම නිලධාරියා කියා සිටියේය.
අදාළ විශ්ව විද්‍යාලයට අයත් ගිණුමක් ලංකා බැංකුවේ කොල්ලුපිටිය ශාඛාවේ පවත්වා ගෙන ගියද සෞදි අරාබියෙන් ලැබුණ කිසිදු ණය මුදලක් එම ගිණුමට බැර වී නොමැති බවත් , එවැනි මුදල් තැන්පත් කිරීමට මහ බැංකුවේ විශේෂ අවසරයක් ඇතිව සිදු කළ යුතු ක‍්‍රියාවලියක් බවත් ලංකා බැංකු ප‍්‍රධාන කාර්යාලයේ පේ‍්‍රෂණ අංශයේ කළමනාකරුගේ ප්‍රකාශයේ සඳහන් වෙතැයි දැනගන්නට තිබේ.
රජයේ ආයතන වල සිදුවී ඇතැයි කියන දූෂණ වංචා පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ පොලිස් ඒකකය මීට පෙර නැගෙනහිර හිටපු ආණ්ඩුකාර එම්.ඒ .එල්.එම්.හිස්බුල්ලා මහතාගෙන් ඉකුත් 14 වැනිදා පැය තුනක කාලයක් ප‍්‍රකාශ සටහන් කර ගත් අතර එහිදී ඔහු පැවසුවේ එම විශ්ව විද්‍යාලයේ වැඩ කටයුතු සඳහා සෞදි අරාබියෙන් ණය මුදලක් ලබා ගත් බවයි.
මඩකලපුව පූනානි හි පවත්වාගෙන යන ෂරියා විශ්ව විද්‍යාලයට එරෙහිව නුගේගොඩ නාලන්දාරාමාධිපති තීනියාවල පාලිත හිමියන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් එතකොට කොමිසම ඉදිරියේ බොරු සාක්ශි දුන්නු වරදට හිස්බුල්ලා අත්අඩංගුවට ගන්න පුලුවන් නේද ? ආගමේ නාමයෙන් දිවුරලා බොරු කියපු මේ කෙනා ගැන අනිත් මුස්ලිම් නායකයෝ මොකක්ද කියන්නේ
දී කිරට බළල්ලුත් සාක්කි වගේද?
මේ අය ජාතිවාදය ඉදිරියට දමා යහමින් මුදල් ගරලා තියෙන්නේ. දැන් ඔක්කොම එළියට එනවා. ඒත් නීතිය ක්‍රියාත්මක වේ ද කියලා නම් ප්‍රශ්නයක්
සල්ලි ආවේ කොහෙන්ද ? ඔය ආයුදත් එන්නේ හොර පාරේ එහෙම වෙන්ටෑ..
දේශපාලුවන් ප්‍රශ්නය වෙනතකට හැරවීමට උත්සාහ කරන බවක් පෙනෙනවා. පාස්කු ප්‍රහාරයේදී නොසැලකිලිමත් වූ දේශපාලුවන් පරාක්‍රම සමුද්‍රයේ බැම්ම මත තබා පස් ගැසා සදාකාලිකවම දේශපාලන වශයෙන් නිහඬ කරවීමට ජනතාව පෙරට පැමිණිය යුතුය.
කවදා කොහොම ,කාගේ ආශිර්වාදයෙන් මේවා සිදුවුනා ද? සැඟවුණු ඇත්ත, අලගිය මුලගිය තැන සියල්ල එලියට ආ යුතුය. කරුණාකර බාධා කිරීම් වලට යටත් නොවී, ස්වාධීන විමර්ශනය කරන්න. ලොක්කන් ගේ තීන්දු වලට සාක්කි ගලපන්න නම් එපා.
එහෙනම් බලන්න වෙනවා කලින් ආණ්ඩුවේ කළු සල්ලිද කියලා
පුපුරන ද්‍රව්‍ය හොර පාරෙන් ලැබිල වගේ ,මුදලුත් හොර පාරෙන් තමයි ලැබිල තියෙන්නේ ,
අනේ හරිම දුප්පත් සරසවියක්. බැංකු ගිණුමක් ඇරගන්න රුපියල් 25ක් නැහැ. 1 ගිණුමයි ලු තියෙන්නෙ. පවු. අපිත් කීය කීය හරි එකතු කරල දෙමු.
""අනිවාර්යෙන් මහින්දගේ ට්‍රිලියන 18 න් තමයි ඕකට සල්ලි දීල තියන්නේ."" අනුර කුමාරයයි / දත් දොස්තර මහත්තයයි හෙට අනිද්දම කියයි.