(අනුරාධපුර-දයාරත්න ඇඹෝගම)

ඉස්සර කියමනක් තිබුනා ‘මඩ සෝදා ගත්කළ ගොවියා රජකමටත් සුදුසුයි’ කියලා.මම දන්නේ මේක මොකට කිවද කියලා. අද ඒ ගොවි ජනතාවට අත්වි ඇති ඉරණම කුමක්ද.උගස් බඩු කඩේ ලගින් යන කොට හැංගිලා යනවා,බැංකුවෙන් සතියකට ලියුම් දෙක තුනක්වත් එනවා.නැත්නම් හිරේ දානවා.එහෙම නැත්නම් තමන්ගේ බිරිද විදෙස් ගත කරන්න සිද්ධ වෙලා තියෙනවා යැයි ජාතික ජනබලවේගයේ නායක අනුරකුමාර දිසානායක මහතා පවසයි.

සාමාන්‍ය ජනතාව මුලික ආදායම් මාර්ගයක් සොයා ගැනිමට මේ ආර්ථික තත්වය මත නොහැකිවි තිබෙනවා.

අපි ආණ්ඩු හදලා තියෙන්නේ මිනිස්සුන්ගේ ජිවිත සුවපත් කරන්න,සැපවත් කරන්න. අද මේ ආණ්ඩු කිසිවක් රටේ ජනතාව වෙනුවෙන් ඉටුකරලා නැහැ. පිළිකා රෝගයෙන් මැරෙනවා. වකුගඩු රෝගයෙන් මැරෙනවා. හෘද රෝග වලින් මැරෙනවා. අනතුරැ වලින් මැරෙනවා. ගිය අවුරැද්දේ 3045 සිය දිවි හානි කොට ගෙන තිබෙනවා.මිනිස්සුන්ට ජිවිත එපාවි තිබෙනවා. 

සහතික වශයෙන්ම මේ දුර්දාන්ත සමාජ ක්‍රමය වෙනස් කළ යුතුයි. එය අපට අත්හල නොහැකි වගකිමක්. කිසිසේත්ම අපට අත්හරින්න බැහැ. කිසිසේතම් අපට අහක බලාගෙන යන්න බැහැ. අපේ ජිවිත වල අපේ ලැබැදියාව, අපේ සොහොයුරා, අපිත් එක්ක ඒකට මේ වාතලයේ හුස්ම ගතයුතු මිනිස්සු විශාල ප්‍රමාණයක් අපට අහිමිකර තිබෙනවා මේ සමාජය.

පොහොර ඇතිව හෝ නැතිව ගොවි ජනතාවගේ ආදායම දෙගුණයක් කරනවා කියලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අනුරාධපුර රැළියේ කැ මොර දෙමින් කියනවා ඇහුනා.පොහොර ඇතිව හෝ නැතිව ගොවි ජනතාවගේ ආදායම දෙගුණයක් කරනවාලු. කොහොමද එහෙම කරන්නේ.

ජාතික ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් සමුළුවට එක්වෙමින් අනුරකුමාර මහතා මේ බව පැවැසීය.අනුරාධපුර යොවුන් නිකේතනයේදි මෙම සමුළුව  පැවැත්වුණි.