(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මට්ටක්කුලිය රාශපුලම් කන්ද හතරමං හන්දියේදී මෝටර් රථයක් වාහන හතක ගැටී පුද්ගලයන් තිදෙනකු මියගොස් තවත් අට දෙනකු  තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

අනතුරින් මියගිය පුද්ගලයන් වයස අවුරුදු 64 - 44 පසුවන ග්‍රෑන්ඩ්පාස් , කොළඹ 15 සහ වත්තල පදිංචිකරුවන්ය.

වත්තල ප්‍රදේශයේ සිට පැමිණෙමින් තිබූ සුඛෝ භෝගී මෝටර් රථයක් මෙම වාහන මෙම අනතුර වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

මෝටර් රථ රියදුරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.