(එම්.සුසිල් ප්රියන්ත)
අම්බලන්ගොඩ ගොඩගමදී මෝටර් රථයක් අද (1) උදෑසන පාරෙන් ඉවතට පැන පාර අයිනේ තිබූ පොල් ගසකට වැදීම නිසා රියැදුරු තුවාල ලබා රෝහල් ගත කළ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
මෝටර් රථය පාරෙන් ඉවතට පැන පාර අයිනේ තිබූ පොල් ගසේ උඩට ගොස් ආපසු පොල් ගස පාමුලට ඇදී ගොස් ඇති බවද පොලීසිය කියයි.
අම්බලන්ගොඩ සිට හික්කඩුව දෙසට ගමන් ගත් මෝටර් රථයක් මේ අනතුරට ලක්වී ඇති බවත් පාර හරහා පැන්න මගියකු බේරා ගැනීමට මේ මෝටර් රථයේ රියදුරා උත්සහා දැරීමේදී එය පාරෙන් ඉවතට පැන මේ අනතුර සිදුව ඇති බවද පොලීසිය කියයි.


COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.