
(අංජුල මහික වීරරත්න)
ගර්භනී මව්වරුන් සඳහා ලබා දෙන පෝෂණීය ආහාර දීමනාව තවත් එක් මුදල් ලබා දීමේ ව්‍යාපෘතියක් බවට පත් නොකර මව්වරුන්ගේ පෝෂණය සහතික කිරීම ඉලක්ක කර ගනිමින් නිසි අධීක්ෂණයක් යටතේ ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘති වල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය යෝජනා පිළිබඳ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව කීය.
කොළඹ ජනාධිපති කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්විණි.
කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය, කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාව, මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය, පරිවාස සහ ළමාරක්ෂක දෙපාර්තමේන්තුව සහ ජාතික ළමාරක්ෂක අධිකාරිය විසින් 2026 වසරේ සිදු කරන ලද පුනරාවර්තන සහ ප්‍රාග්ධන වියදම් වල ප්‍රගතිය පිළිබඳ මෙහිදී පුළුල් ලෙස විමසා බැලිණි.
එමෙන්ම, 2026 වසරේ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ප්‍රධාන වැඩසටහන් වන ආයතනික රැකවරණය සහ භාරකාරිත්වය, වීදි ළමුන් සඳහා වන ජීවන වියදම් දීමනාව, ගර්භනී මව්වරුන් සඳහා පෝෂණීය ආහාර දීමනාවක් ලබා දීමේ වැඩසටහන, පෙර පාසල් ළමුන් සඳහා උදෑසන ආහාර ලබා දීමේ වැඩසටහන, පෙර පාසල් ගුරුවරුන් සඳහා වන ‘ගුරු අභිමානී’ දීමනා වැඩසටහන ඇතුළු වැඩසටහන්වල ප්‍රගතියද මෙහිදී ජනාධිපතිවරයා විමසා බැලීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd