(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ආයතන වල පරණ වැරදි වගේම අලුත් වැරදිත් හොයමු යැයි පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

"කෝප් කමිටුවේ නිගමන හරිද? වැරදිද? කියා තීරණය කරන්නේ අධිකරණයකින්.කාලයක් තිස්සේ ආයතනවල තිබූ වැරදි ගැන අප කතා කරනවා.අප අලුත් කාරණා ගැනත් කතා කළ යුතුයි.ගල් අඟුරු හොරකම ගැනත් අපට දැන් සලකා බලන්න පුළුවන්.ඒ වගේම ඩොලර් හොරකමට වගකිව යුතු ආයතන මොනවාද?ඊට සම්බන්ධ වූ පුද්ගලයන් කවුද?කන්ටේනර්  323 සිද්ධිය ආදිය ගැනත් කතා කළ යුතුයි.ඒ සිද්ධිය ගැන රටේ බරපතල ප්‍රශ්නයක් තිබෙනවා.ඒ සමග අවි ආයුධ සම්බන්ධවත් කාරණා එළියට ආවා.

තවමත් රාජ්‍ය අංශය දේශපාලනීකරණය කරන වැඩසටහනක් කරනවා.රාජ්‍ය අංශයේ සමහර පත්වීම් දෙන්නේ දේශපාලනීකරණය කරලා.දේශපාලන හිතවතුන් ආණ්ඩුවේ යම් ආයතන වලට පත් කිරීම බරපතල වරදක්.ඒ ගැනත් විවාද කළ යුතුයි යනුවෙන්ද හෙක්ටර් අප්පුහාමි මහතා කීය.