(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ගම්පොල දෙස සිට හෙම්මාතගම දෙසට ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් හෙම්මාතගම දී මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරලීම නිසා එම මෝටර් රථයේ ගමන්ගත් විදේශීය කාන්තාවක් මිය ගොස් ඇයගේ දියණිය ද තුවාල ලබා ඇතැයි හෙම්මාතගම පොලිසිය පවසයි.
මෝටර් රථය පදවාගෙන ගිය රියදුරා ද තුවාල ලබා ඇත. තුවාල ලැබූ දෙදෙනා ගම්පොල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙති.
විදේශීය කාන්තාව මියගොස් ඇත්තේ ඇත්තේ ද ගම්පොළ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ය.
මෙසේ මියගොස් ඇත්තේ ඕස්ට්‍රේලියාවේ පදිංචි ඉන්දීය සම්භවයක් ඇති ප්‍රකාෂ් ෂරීටා දේවි නැමැති 68 හැවිරිදි කාන්තාවකි.
රියදුරාට මෝටර් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව පාරෙන් ඉවතට පැන ප්‍රපාතයට පෙරළී ඇති බව පරීක්ෂණවලින් පෙනී ගියේ ඇයි යැයි පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රියදුරු මහතාගේ තත්වය මොකක්ද? වේගය පාලනය කරන්න බැහැනේ... එයා ඩ්‍රයිවින් දන්නේ නැහැ කියන එක.. මේ වගේ මිනිස්සු තමයි දවසකට දළ වශයෙන් ලංකාවේ මිනිස්සු 8-10 ක් මරන්නේ. මේ අයගේ අතපය කොර කරන්න ඕනෑ. එතකොට අනිත් රියදුරු මහත්තුරුත් හැදෙයි. සංයමයකින් වාහන එළවන්න පුරුදු වෙයි. මිනිස් ජීවිතයක වටිනාකම නොදන්න මැට්ටෝ...