(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ගම්පොල දෙස සිට හෙම්මාතගම දෙසට ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් හෙම්මාතගම දී මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරලීම නිසා එම මෝටර් රථයේ ගමන්ගත් විදේශීය කාන්තාවක් මිය ගොස් ඇයගේ දියණිය ද තුවාල ලබා ඇතැයි හෙම්මාතගම පොලිසිය පවසයි.
මෝටර් රථය පදවාගෙන ගිය රියදුරා ද තුවාල ලබා ඇත. තුවාල ලැබූ දෙදෙනා ගම්පොල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙති.
විදේශීය කාන්තාව මියගොස් ඇත්තේ ඇත්තේ ද ගම්පොළ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ය.
මෙසේ මියගොස් ඇත්තේ ඕස්ට්‍රේලියාවේ පදිංචි ඉන්දීය සම්භවයක් ඇති ප්‍රකාෂ් ෂරීටා දේවි නැමැති 68 හැවිරිදි කාන්තාවකි.
රියදුරාට මෝටර් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව පාරෙන් ඉවතට පැන ප්‍රපාතයට පෙරළී ඇති බව පරීක්ෂණවලින් පෙනී ගියේ ඇයි යැයි පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
484
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
253
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මෝටර් රථය පෙරළී විදෙස් කත මරුට
gamage Monday, 17 April 2023 01:45 PM
රියදුරු මහතාගේ තත්වය මොකක්ද? වේගය පාලනය කරන්න බැහැනේ... එයා ඩ්‍රයිවින් දන්නේ නැහැ කියන එක.. මේ වගේ මිනිස්සු තමයි දවසකට දළ වශයෙන් ලංකාවේ මිනිස්සු 8-10 ක් මරන්නේ. මේ අයගේ අතපය කොර කරන්න ඕනෑ. එතකොට අනිත් රියදුරු මහත්තුරුත් හැදෙයි. සංයමයකින් වාහන එළවන්න පුරුදු වෙයි. මිනිස් ජීවිතයක වටිනාකම නොදන්න මැට්ටෝ...