(ජයන්ත සමරකෝන්)
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහා දැනට මාස තුනකට ආසන්න කාලයක් තිස්සේ කොමසාරිස් ජනරාලවරයෙකු පත් නොකිරීම හේතුවෙන් ගැටලු රැසක් මතුවී ඇතැයි වාර්තාවේ.
වත්මන් ආණ්ඩුව බලයට පත් වීමත් සමඟම එහි හිටපු කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ධූරයට පත්කිරීමත් සමඟම මෙම පුරප්පාඩුව ඇතිවිය.
දැනට මෙම දෙපාර්තමේන්තුව වැඩ බලන කොමසාරිස් උපාලි ජයසේකර මහතා යටතේ පාලනය වන බවද එම දෙපාර්තමේන්තුව පවසයි.
නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයට ස්ථීර කොමසාරිස් ජනරාල්වරයෙකු පත් නොකිරීම වේරහැර රියදුරු බලපත් නිකුත් කරන කාර්යාලයේ පාලන කටයුතුවලට දැඩිව බලපා ඇතැයිද වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආර්.එම්.වී. කියන්නේ ජරා පප්පලා ඉන්න තැනැක්.සමහරවිට ලොක්කො යන්ඩ කැමති නැතුවා.?
2/3 හම්බවෙනකම් ඉන්නේ.
සුදුස්සෙක් තවම හොයාගන්න බැරිව ඇති. පොඩ්ඩක් ඉන්න
සැහැල්ලු රියදුරු බලපත් නිකුත් කරනකොට අර ඉස්සර තිබුන වගේ ජිවිත කාලයටම වලංගු වෙන විදිහට නිකුත් කරන්න , එතකොට ඔය තද බද කරදර අඩු වේවි , එහෙම නැතිනම් ඔය රියදුරු බලපත් අලුත් කිරීම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට වෛද්‍ය සහතිකය සමග භාර අරන් තාවකාලික බලපත්‍රයක් නිකුත් කර , රියදුරු බලපත්‍රය ප්‍රාදේශීය ලේකම් කර්යලයෙන්ම ලබාදෙන ක්‍රම වේදයකට යන්න , පසුගිය දශක 2 ඇතුලත රියදුරු බලපත් වලට මේ එක එක සංකීර්ණ අලුත් ක්‍රම හදුන්ව දුන්නේ මහජනතාවට කාර්ය පහසුකර හොඳ සේවාවක් ලබාදෙන්නේ නොව ඔක්කොම සංකීර්ණ කර අල්ලස් තම මඩිය තර කරගැනීම සඳහාය .
අර මලදිවයිනේ තානාපති කමට රෝහන බැද්දගේපත් කරලා යැවුවා වගේ ඔය ජොබ් එකටත් වික්ටර් රත්නායක වැනි රටම පිළිගත් කලාකරුවෙකු පත්කරලා දැම්මොත් හොඳ නැද්ද ? වැඩ බැරි එක වෙන දෙයක් නමුත් විශ්‍රාමික කලාකරයෝන්ටත් මොනවා මොනවා හරි දෙන්න ඕනේ නේද ?
ජනරාල්ල පත් කරනවා වෙනුවට තව වැඩිපුර මහජනයාට සේවාව සපයන නිලධාරීන් ටිකක් කවුන්ටර් වලට දැම්ම නම් ඔයිට වැඩිය වැඩක් වෙනවා. කවුන්ටරේ ඉන්න නිලධාරීන්ට ඒ බලතල කොටසක් හරි දුන්න නම් ජනතාවට කවුන්ටරෙන්ම වැඩේ කරගෙන යන්න තිබුන. ලෝකේ වෙන රටවල හැටියට හුන්ඩුවක් විතර අපේ රටේ ටයි පොලු බැඳගෙන සිතල කාමර වල ඉන්න අධ්යක්ෂ, ජනරාල්ල හැට කෝටියක් ඉන්නවා. අන්තිමේ ජනතාවට මුණගැහෙන්න ඉන්නේ කන්තෝරුවේ කිසිම බලතලයක් නැති සුළු නිලධාරියෙක්. එයා කිසිම තීරණයක් ගන්න බැරිව සියලු ලියකියවිලි අයෙත් ඔය ලොක්කෝ ගාවට යවනවා. ජනරාල්ල හලලා පුහුණු, බලතල ඇති නිලධාරීන් කෙලින්ම කවුන්ටරවලට දානවා නම්?...
දැන් ටිකක් විනිවිද පෙනෙන තැනක්නේද?
ගණන් ගන්න එපා. විශ්‍රාමික හමුදා නිලධාරියෙක්ව හොයනවා. එතකම් ඉන්න.
ඔය තනතුරට මමනම් හිතන්නේ වික්ටර් රත්නායක හෝ එඩ්වර්ඩ් ජයකොඩි වැනි ප්‍රවීන කලාකරුවෙකු සුදුසුයි කියලා. විශ්‍රාමික ප්‍රවීන කලාකරු රෝහණ බැද්දගේ මහතාට මලදිවයිනේ තානාපතිකම කරන්න පුලුවන්නම් වික්ටර් හෝ එඩ්වර්ඩ් මේකට අනිවාර්යයෙන්ම සුදුස්සන් වේ. අඩුම තරමේ ඔවුන්ට පුළුවන් පෝලිමේ ඉන්න ජනතාවගේ හිත සැනසෙන්න සින්දුවක්වත් කියන්න පුලුවන්.
ඔය පුරප්පාඩුවට හමුදා නිලධාරියෙක් නම් දමන්න එපා. ඕකේ ඉන්නේ අල්ලස් ගැනීමට ලංකාවේ පළවෙනි හෝ දෙවෙනි ස්ථානයට තෝර ගන්න පුළුවන් නිලධාරියෝ පිරිසක්. මේ අය කරන හොරකම් දැක්කම හමුදා නිලධාරියා කෝප වෙලා මේ අයට වෙඩි තැබීමට හෝ දැඩි දඩුවම් දීම සිදු කරන්න පුළුවන්. එහෙම වුනොත් මේ අයත් පාරට බැහැලා උද්ඝෝෂණය කිරීමට හෝ මුළු දෙපාර්තමේන්තුවේම වැඩ අවුල් කිරීමට පුළුවන්.