
(යොහාන් භාසුර)
නව ජල සැපයුම් ලබාදීම සඳහා අවශ්‍ය මීටර් (මනු) සහ නළ ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සතුව නොමැතිවීම නිසා නව ජල සැපයුම් ලබාදීමට මාස කීපයක් ගතවන බවට පාරිභෝගිකයෝ චෝදනා කරති.
පාරිභෝගිකයන් ජල සම්පාදන මණ්ඩලයට නව සැපයුම් සඳහා මුදල් ගෙවා මාස කීපයක් ගතවී තිබුණ ද සැපයුම ලබානොදන බවත් බිල්පත් ගෙවීම ප්‍රමාද වූ විට ජල සැපයුම විසන්දි කර ඒ සඳහා දඩ මුදල් ද අය කරන ජල සම්පාදන මණ්ඩලය සැපයුම ලබාදීම ප්‍රමාද කිරීම ආසාධාරණ බවට පාරිභෝගිකයෝ චෝදනා කරති.
ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ උසස් නිලධාරියෙක්ගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ මීටර් (මනු) සහ නළ ආනයන කිරීමේ ප්‍රමාදයක් හේතුවෙන් මෙම තත්වය ඇති වී ඇති බවත් ඒවා හැකි ඉක්මණින් ලබාදෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලීමක් ද කළ ඇති බවත්ය.
මීටර් (මනු) සහ නළ ආනයනයට ද ඩොලර් ප්‍රශ්න බලපා ඇති බව කී එම නිලධාරියා අත්‍යවශ්‍ය ආහාරවල ප්‍රමුඛතාව ලබාදීම නිසා මෙවැනි භාණ්ඩ ආනයනය ප්‍රමාද වන බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd