
(ඩයනා උදයංගනී)
විපක්‍ෂනායක ධූරය භාරගෙන කාගෙවත් බඩට ගැසීමේ අවශ්‍යතාවයක් තමන්ට නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආණ්ඩුවෙන් ඉවත් වී විපක්‍ෂනායක ධූරය භාරගන්නා බවට පැතිර යන කතාවන්හි කිසිඳු සත්‍යතාවයක් නැතැයි ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.
හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී අද (21) පැවති සම්මාන උත්සවයකට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
පසුගිය කාලයේ නැගූ හඬ දැන් යටපත් වී තිබෙන්නේ ඇයිදැයි මෙහිදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දුන් හිටපු ජනාධිපතිවරයා පැවසුවේ තවත් දිස්ත්‍රික්ක පහ හයක පක්‍ෂ සම්මන්ත්‍රණ පැවැත්වීමට නියමිත බවත්, ඒවායේදී යළිත් සද්දය ඇසෙනු ඇති බවත්ය.
මධ්‍යම කාරක සභාව හෙට (21) රැස්වන්නේ විශේෂ තීරණයක් ගැනීමට නොවන බවත් එය වසරේ පළමු මධ්‍යම කාරක සභා රැස්වීම බවත් කී හිටපු ජනාධිපතිවරයා නව සන්ධානගතවීම් සිදුවුවහොත් සිදුවන්නේ ඉදිරි දේශපාලන පෙරලි සමඟ බව ද කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ ඔබතුමා පිළිගන්නවා මේ හැමෝම ‘ජනතා සේවය’ යැයි කියමින් කරන්නේ ජනතාවගේ මුදල් භාවිතා කර රැකියාවක් කියන එක. අපේ රටේ දකින දකින හැම හොරුන්ටම වැඳ වැඳ යන්න පුරුදුවෙලා ඉන්න හරක්ට මෙහෙම කිව්වත් යථාර්ථය තේරුම් යන්නේ නැහැ. 48 දී දුන්න නිදහස නොලැබුණු මුග්ධයින් තාම වහල් කමින් පෙලෙනවා...
ඇයි බඩට ගහන්නේ? අර බූවල්ලයි, මඩුවලිගයයි තියෙනවා නේද?
කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතු බව කරපු වැඩවලින් මනාව ඔප්පු වේ...
පාස්කු බෝම්බයේ කඳුළු මිනිසුන්ට අමතක නැත...
අපේ රට ආපස්සට අරන් ගිය තමුන්ලා හොඳයිද?
ඔයා වෙනුවෙන් වචන නාස්ති කරන්නවත් මේ රටේ බහුතරයක් මිනිස්සු කැමති නෑ..
එක ෂොට් එකෙන් මුලු ජාතියටම බඩට ගහපු මම මොකටද එකඑක්කෙනාගේ බඩට වෙන වෙනම ගහන්න යන්නේ...?
කොළඹ හතේ මන්දිරයක් අරන් මහජනතාවට බඩට ගහපු එකේ තව මොනවා අමුතුවෙන් ගහන්නද?