(මනෝප්රිය ගුණසේකර)
අධිකරණයේ විභාග කරන නඩුවක් සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී වැරදි සහගත ප්‍රකාශයක් කර අධිකරණයට අපහාස කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා හෙට (24) අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විශ්‍රාමික මේජර් නීතීඥ අජිත් ප්‍රසන්න මහතාට අද (23) නියම කරමින් නොතිසි නිකුත් කළේය.
බලපත්‍රයක් නොමැතිව අලි පැටවකු ලඟ තබා ගැනීම සම්බන්ධයෙන් වැඩ තහනමකට ලක්වී සිටින කොළඹ හිටපු අතිරේක මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනකුට එරෙහි නඩුව සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී වැරදි සහගත ප්‍රකාශයක් කර අධිකරණයට අපහාස කළැයි කියන සිද්ධියට පිළිබඳව අධිකරණයට දැනුම් දෙමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් විනිසුරුවරයා එලෙස නියම කළේය.
බලපත්‍රයක් නොමැතිව අලි පැටවකු ලඟ තබා ගැනීම සම්බන්ධයෙන් වැඩ තහනමකට ලක්වී සිටින කොළඹ හිටපු අතිරේක මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනාට එරෙහි නඩුව මීට පෙර අවස්ථාවකදී කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවකදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතා අධිකරණය අමතමින් මෙම නඩුව සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී වැරදි සහගත ප්‍රකාශ කර ඇතැයි දැනුම් දී තිබිණි.
පසුගිය 12 වැනිදා පැවැත්වූ මාධ්‍ය හමුවකදී විශ්‍රාමික මේජර් නීතීඥ අජිත් ප්‍රසන්න මහතා අදහස් පළ කරමින් මෙම නඩුව විභාග කිරීම සඳහා මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා බලහත්කාරයෙන් ලබාගෙන ඇති බවටත් පැමිණිල්ලට ලකුණු කිරීමට පවා නොහැකි ලේඛන ලකුණු කිරීම සඳහා විනිසුරුවරයා විසින් පැමිණිලි පාර්ශ්වය පොළඹවා ඇති බවටත් පවසා ඇතැයි දැනුම් දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතා දැනුම් දුන්නේය.
අධිකරණයේ විභාග කරන නඩුවක් සම්බන්ධයෙන් ඔහු මාධ්‍ය හමුවේ එලෙස අදහස් දක්වා ඇතැයිද ඉන් ඔහු අධිකරණයට අපහාස කර ඇතැයිද පෙන්වා දුන් දිලීප පිරීස් මහතා අදාළ මාධ්‍ය සාක්ච්ඡාවේ හඬපට එම මාධ්‍ය සාක්ච්ඡාව ආවරණය කළ මාධ්‍ය ආයතන වලින් ලබාගෙන විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලීමක් කළේය.
ඒ අනුව පොලිස් පරීක්ෂක විජේසිංහ මහතා විසින් විමර්ශනයක් සිදුකළ අතර එම විමර්ශනයේ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර ඇත.
ඉදිරිපත් වූ කරුණු සැළකිල්ලට ගත් කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා මෙම සිද්ධිය සම්බන්ධයෙන හෙට (24) අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන්නැයි නියම කරමින් විශ්‍රාමික මේජර් නීතීඥ අජිත් ප්‍රසන්න මහතාට නොතිසි නිකුත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිඥ අජිත් මහත්තයා කෙහෙල් ගහට කොටලා වගෙයි. "මම තමයි මිනිහා" කියලා එලෝ මෙලෝ නැතුව කොටාගෙන යනකොට ඔහොම වෙනවා තමයි.
කුලියට කහින එකෙත්, කඩේ යන එකෙත් සීමාවක් තියෙන්න එපායැ...
රජවාසල කවටයා, රජුගේ ඇඟේ වැසූ මැස්සාට කඩුවෙන් කෙටූ වඳුරා, අදාල දෙයත් නොවන දෙයත් හඳුනාගත නොහැකිව දොඩවන මේ පිස්සුව නිසා රජය පිරිහෙනු ඇත.
හොඳ වැඩේ... හැමදාම කරන්නේ හැමදේම දන්නවා වගේ.. ලොකුවට මාධ්‍ය ඉස්සරහට ඇවිත් පොරවෙන්න හදනවා.. තමන්ගේ සීමාව දැනගෙන වැඩ කරන්න ඕනෑ කියන එක දැන්වත් තේරුම් ගන්න ඕනෑ. එකඑක දේශපාලුවන්ගේ අවශ්‍යතාවයන් ඉටුකරන්න ගිහිල්ලා නිකම් අමාරුවේ වැටෙන්න හදනවා. සැබවින්ම ඇත්ත කතාකරනවා නම් මුළු රටේම ගෞරවයට පාත්‍ර වෙන්න පුළුවන්. හැබැයි එක එක දේශපාලුවන්ට කඩේ යන්න ගියාම තමන් නොදැනුවත්වම තමන් අමාරුවේ වැටෙනවා.
මේ මනුස්සයා දෙන වැරදි ආකල්ප නිසා ගෝඨාභය මහත්තයාගේ ඡන්ද නැති වෙනවා.
ඇහුවට කවුරුත් තරහ වෙන්න එපා ඇහුවට, රන්ජන්ගේ හඩපට වලින් එලිවෙච්ච කරුණු කරන බලනකොට අධිකරණයට නම්බුවක් තියනවද නැතිවෙන්න?
අනුන්ගේ නඩු වලට බලෙන් රිංග රිංග හිටිය කොන්ත්‍රාත් කාරයෙක් ඕනවට වඩා උඩ පනින්න ගිහින් වෙච්ච දෙයක්.
කතා කරන්නේ නම් ලෝකෙටලොක්කා වගෙයි. ඒ වුනාට මුන්නැහෙ කරන්නේ නම් බඩගොස්තරේ වෙනුවෙන් කඩේ යනඑක බව කවුරුත් දන්නවා. මෙහෙම වත් පාඩමක් ලැබෙනවානම් කොච්චර එකක්ද?
මේ පුද්ගලයා සහ තවත් ද්වේශ සහගත පළිගැනීමේ ප්‍රකාශ පමණක් නිකුත් කරන්නේ. අන්තිමට හරි මේ වුන දෙය දිහා බලා ඉන්න බොහෝ දෙනෙක් ඉන්නවා සිකුරුයි.
රංජන්ගේ හඬපට එළිවෙන්න කලිනුයි අධිකරණයේ නම්බුව නැති වුනේ. සුනාමි මුදල් නඩු ගැන හිටපු අග්රවිනිශ්චකාරතුමෙක්ම තමයි, රටේ මහජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලුවේ... රංජන් කියන්නේ දේශපාලනයේ ඉන්න පොඩිකෙනෙක්. හැබැයි මෝඩයා වගේ ඔක්කොම රෙකෝර්ඩ් කළා. අහුවුණා. කොහොම වුණත් සමහර නඩු ගැන විනිසුරුවරුන් කිහිප පොලක් සමඟ කතාකළාට, කිසිම නඩුතීන්දුවකට බලපෑමක් වෙලා නැහැ. බොරු කියන්න එපා මහත්තයෝ. රංජන් වගේ කෙනෙක් ඔයවගේ කතා කළා නම්, දේශපාලනයේ තෝරු, මෝරු කතා කරපුවා කොහොමට ඇද්ද කියලා මොලය කළඳක් හරි තියෙන, සාධාරණව හිතන ඕනෑම කෙනෙකුට තේරුම් ගන්න පුලුවන්...