(කාංචන කුමාර ආරියදාස)

දඹුල්ල වෑවල වැව ප්‍රධාන මාර්ගයේ කණ්ඩලම වැව් බැම්ම මතින් ගමන් කළ ජීප් රියක් වැවට පෙරළී සිදුවන්නට ගිය මහා විනාශයක් අනූනවයෙන් වැළකී ඇතැයි පොලීසිය කියයි.

මංගල උත්සවයකට සහභාගී වී නිවස බලා ගමන් කරමින් සිටි තරුණයන් තුන්දෙනෙකු  සිද්ධිය වන අවස්ථාවේ රථයේ ගමන් කර ඇතැයි පොලීසිය කීවේය.

වෑවල දෙසින් දඹුල්ල දෙසට වැව් බැම්ම මතින් යතුරුපැදියකින් විදේශීය යුවළක් ගමන් කරමින් සිටියදී එම දෙදෙනා  ජීප් රථය දෙසට ධාවනය වීමත් සමඟ ඔවුන්ගේ ජීවිතය බේරීම සඳහා වාහනය ඉවතට ගනිද්දී එකවරම ජීප් රථය පහළට රවුම් දෙකක් පෙරළී   නැවතත් ජලය ආසන්නයේම කළුගලක සිරවී නැවති තිබේ.

අනතුරින් කිසිවෙකුටත් හානියක් සිදු වී නැතැයි දඹුල්ල පොලිසිය කියයි.