
(අංජුල මහික වීරරත්න)
ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අතර හමුවක් වෙළෙඳ අමාත්‍යංශයේදී සිදු විය.
මෙහිදී දෙරට අතර පවතින මේ ද්විපාර්ශ්වික වෙළෙඳ ගනුදෙනු තවදුරටත් පුළුල් කිරීම, ආයෝජන සබඳතා ප්‍රවර්ධනය, නව ආයෝජන අවස්ථා හඳුනා ගැනීම සහ ඒවා දිරිමත් කිරීම, දෙරටේම ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා සහයෝගීතාවයෙන් කටයුතු කිරීම මෙන්ම සමුපකාර ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් අන්‍යෝන්‍ය සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳ සාකච්ඡාවට ලක් වී තිබේ.
ශ්‍රී ලංකා නිෂ්පාදන ඉන්දියා වෙළෙඳපොළට හඳුන්වාදීම සඳහා ප්‍රදර්ශන සහ වෙළෙඳපොළ අවස්ථා ඇති කිරීමට අපේක්ෂා කරන බව ඉන්දීය කොමසාරිස්වරයා පැවසීය.
තේ සහ ඇඟලුම් වැනි ක්ෂේත්‍ර කෙරෙහි එහිදී වැඩි අවධානයක් යොමු කරන අතර ශ්‍රී ලංකාවේ උසස් තත්වයේ ඇඟලුම් සඳහා ඉන්දියාවේ විශාල ඉල්ලුමක් පවතින බැවින් එම අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන ගැනීමට අපනයනකරුවන්ට මඟපෙන්වීම තම අරමුණ බව සඳහන් කෙරිණ.
ශ්‍රී ලංකාවේ සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව සහ ඉන්දියාවේ NCL ආයතනය අතර සහයෝගීතා ගිවිසුමක් ඇති කර ගැනීමට අවධානය යොමු කර තිබෙන බවත් එය සෘජු සැපයුම් බැඳීමකට වඩා පුළුල් සහයෝගීතාවක් ලෙස හැඳින්විය හැකි බවත් ඉන්දීය නියෝජිතයන් පෙන්වා දී තිබේ.ශ්‍රී ලංකාවේ සහල් වෙළෙඳපොළ තත්ත්වය සහ මිල පාලනය පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd