(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය නඩු ඉලෙක්ට්‍රොනිකව ගොනු කිරීම (e filing) අරඹා ඇතැයි අධිකරණ අමාත්‍යංශය පවසයි.
ඒ අනුව ඊ ගොනු කිරීමේ පද්ධතිය පෙබරවාරි 10 වන දින සිට විවෘත කරන ලද අතර නීතිඥවරුන්ට මෙම යෙදෙවුම මඟින් ඉලෙක්ට්‍රොනිකව නඩු ගොනු කිරීම සඳහා අවකාශය නිර්මාණය ව ඇත. මෙම ක්‍රියාවලියේ සපලතාව තහවුරු කරමින් මේ වන විට නඩු පැවරීම් රාශියක් ඉලෙක්ට්‍රොනිකව සිදු වී ඇතැයි ද අමාත්‍යංශය කියයි.
එම ක්‍රියාවලියේ සංදිස්ථානයක් වශයෙන් මාර්තු 26 ශ්‍රේෂ්ඨාධිකරණයේ විවෘත අධිකරණයේ කඩදාසි රහිත විද්‍යුත් පද්ධතිය මත පදනම් වූ ප්‍රථම නඩු විභාගය අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විනිසුරු අර්ජුන ඔබේසේකර, විනිසුරු ආචාර්ය සෝභිත රාජකරුණා මහත්වරුන් සහිත විනිසුරු මඩුල්ල හමුවේ සිදු කෙරිණි.
මෙම නඩුව තවදුරටත් සුවිශේෂි වන්නේ 2024 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රශ්ණ පත්‍රය, විභාග දිනට පෙර දිනයෙදී පිට කිරීම සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් නඩු තීන්දුව ප්‍රකාරව රජය වෙත ගෙවීමට නියම කර තිබූ රුපියල් මිලියන තුනක වන්දි මුදල වග උත්තරකරු විසින් ගෙවීම පැහැර හැරීමෙන් අධිකරණයට අපහස කිරීමේ වරද පිළිබඳ නඩු කටයුත්තක් වූ බැවින් යැයි අධිකරණ අමාත්‍යංශය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd