(ප්රසාද් රුක්මල් )
දියතලාව නගරයේ පෞද්ගලික බස් රථයක් තුළ මුදලට බූරුවා ගසමින් සිටි පෞද්ගලික බස් රථ රියැදුරන් ,කොන්දොස්තරවරුන් 15 දෙනෙකු මුදල් රුපියල් 11, 000ක් ,කාඩ් කුට්ටමක් සමග අද (29) අත් අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල කොට්ඨාස විශේෂ වැටලීම් ඒකකය පවසයි .
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ දියතලාව බණ්ඩාරවෙල සහ බණ්ඩාරවෙල වල්ගහවෙල බොරලන්ද අතර ධාවනය වන පෞද්ගලික බස් රථ වල සේවයකරන අවුරුදු 25 - 55 අතර වයසේ පසුවන දියතලාව ,කහගොල්ල ,බොරලන්ද ,හපුතලේ ,වල්ගහවෙල ප්රදේශවල පදිංචි පෞද්ගලික බස් රථ රියැදුරන් සහ කොන්දොස්තරවරුන් පිරිසක යැයි පොලිසිය කීය .
ලැබු තොරතුරක් මත බණ්ඩාරවෙල කොට්ඨාස විශේෂ වැටලීම් ඒකකයේ නිළධාරින් අද (29) අලුයම මෙම වැටලීම සිදු කරන විටත් සැකකාර පෞද්ගලික බස් රථ රියැදුරන්, කොන්දොස්තරවරුන් පිරිස දියතලාව නගරයේ බස් රථ නැවතුම්පොළ අසල පෞද්ගලික බස් රථයක් තුල මෙසේ මුදලට බූරුවා ගසමින් සිටි බවත් පොලිසිය සදහන් කලේය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd