
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් කීප දෙනකු අතර ඇතිවූ ගැටුමකින් පස් දෙනකු තුවාල ලබා ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
තුවාල ලැබූවන් බන්ධනාගාර රෝහලේ සහ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.
මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් අතර මෙම ගැටුම හටගෙන ඇති අතර තුවාල ලැබූ පස්දෙනා ප්‍රතිකාර සඳහා වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එයන් දෙදෙනකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලේ 72 වාට්ටුව වෙත ඇතුලත් කර ඇත.
ජාතික රෝහල වෙත ඇතුළත් කළ පුද්ගලයන් දෙදෙනා ප්‍රභාත් ධනුෂ්ක සහ අබ්දුල් හසිශ් යන දෙදෙනා බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
ගැටුමට හේතුව මත්ද්‍රව්‍යය ආරවුලක් බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජ්‍ය අනුග්‍රහයෙන් පාලකයන් මත්ද්‍රව්‍ය වැපිරූ යුගයක ප්‍රතිඵල නෙලාගන්නා සමයයි මේ...
හිටපු දූෂිත දේශපාලුවෝ වපුරවපු දේවල ප්‍රතිපළ.... ඔවුන් කුඩුජාවාරම් කාරයින්ගේ පිහිටෙන් ගොඩගියා. ඔවුන්ගේ කුඩු ගහපු අය හිරේ ගියා...
මරණීය දණ්ඩනය නැති රටේ... මාස හයකට සැරයක්. දරුණු අපරාධ කුඩු. කපම් ගත් ගොබ්බයින් මේ සේරම එකට කාමරයකට දාලා. බල්ලො බලලලු වගෙ පොරකන්න දෙන්න. මේවගෙ කට්ටිය ඉක්මනින් තුරන් වුනාම රට ලස්සන වෙනවා. හිර කාරයින්ට ආරක්ශාව දෙන්න කියන ගොබ්බයින්ව ඇතුළට දාන්න ඒ කට්ටිය බලා ගන්න කලින් හිටපු ගොබ්බයින්ගේ. කෙරුවාව මේ මී හරක් රෑන... රට කෙරුවාලු..