
(සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කළුතර තිස්ස ජාතික පාසල හා කළුතර මහා විද්‍යාලය අතර පැවැති මැංගුස් සටන අවසානයේදී ඇතිවූ ගැටුමකින් ක්‍රිකට් පිති ප්‍රහාරයට ලක්වූ කළුතර තිස්ස විදුහලේ ක්‍රිකට් කණ්ඩායමේ උප නායකයා බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පයාගල පොලිසිය කියයි.
මග්ගෝන සරේ ක්‍රීඩා පිටියේදී පාසල් දෙක අතර 13 වන වතාවට පැවති එක් දින තරගය අවසානයේදී අවසන් පන්දුවාරයේදී කළුතර මහ විද්‍යාලය ජයග්‍රහණය ලැබීමත් සමඟම තරඟ නරඹමින් සිටි පරාජිත කළුතර තිස්ස ජාතික පාසලේ සිසුන් පිටිය මැද සවිකර තිබූ ක්‍රිකට් පොලු හතරක් ගලවා ගැනීමත් සමගම මෙම ගැටුම සිදු වී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එම අවස්ථාවේදී තරඟය නැරඹීම සඳහා දෙපිරිසේම 4000 පමණ පිරිසක් ක්‍රීඩාංගනයේ සිට ඇති බව විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත.
හිසට වැදුණු තදබල පහරක් හේතුවෙන් බරපතළ තුවාල ලද කළුතර තිස්ස ජාතික පාසලේ උපනායකයා මේ වන විට කළුතර නාගොඩ මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර ඔහු හිසෙහි විශේෂ ශල්‍යකර්මයකට භාජනය කිරීම සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කිරීමට නියමිත බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩේ පාසැල් නෝ බිග් මැච් ප්ලීස්
ක්‍රිකට් ගහන්න ඒ උනාට විනයක් නෑ .මුලින්ම ඒවා හදන්න දැනගන්න ඕනේ පාසැල් වලින්
සුබ පැතුම්!
ක්‍රීඩාව යනු කුමක්දැයි සිසුන්ට අවබෝධ කරදියනොහැකි ගුරුන් සිටිනතාක් මෙවැනි අවාසනාවන්ත සිදුවීම් වැලැක්විය නොහැක.
බිග් මැච් මේනීයා.රේස්.ගිහින් ජීවිත නැති උනා.දැන් විකට් පොලුවලින් ගහලා.අවසානේ කදුලු උරුම දෙමාපියන් ට.
සියලුම පාසල් ක්‍රිකට් තරග, සංගීත සංදර්ශන මෙන් පිහි ඇනුම්, ගුටි කෙළි සහ රිය අනතුරුවලින් කෙළවර වීමම රැල්ලක් වී ඇත. මේ ක්‍රියාවට දඬුවමක් ලෙස පාසල් දෙකේම විදුහල්පතිවරු වැඩ තහනමකට ලක්කරන්න ඕනේ. නිසි ආරක්ෂාවක්, ආරක්ෂක විධිවිධාන නොයෙදීම සම්බන්ධව...
ඔච්චර බොරු දාන්න එපා යකෝ.
කුඹුරු හාන්ට හොඳ මී හරක්ට මොන බිග් මැච්ද?
ඉතාමත් අවළස්සන තිරිහන් ගතිගුන ඇති, ගස් හා ගල් පිළිම වලට වැද නමස්කාර කරණ මෙවැනි ජඩයින්ට හිමි එකම නිජබිම ගන වනාන්තරය පමනි.
ජය පරාජය උපෙක්ෂාවෙන් වින්දගන්ඩ බැරි මෝඩයෝ ?
තරගය පවත්වා තියෙන්නෙ මග්ගොන ක්‍රීඩාංගණයේ නිසා ඔහොම දේවල් වෙන්න පුළුවන් මොකද අපි කුඩාකාලයේ වැඩිහිටියන් කිව්වෙ දග කලොත් මග්ගොන යවනවා කියලා නිසා කොහොම වුනත් මෙහෙම ඉවසීමක් නැති එවුන් එක්ක ක්‍රීඩා කිරීම බෝල වෙනුවට බෝම්බ අරගෙන ෆුට්බෝල් සෙල්ලම් කරනවා වගේ වැඩක් තමයි ඉදිරියේ කිසිදාක මෙම නොහික්මුණු කණ්ඩායම සමග අනෙක් කණ්ඩායම ක්‍රීඩා නොකරනවානම් ඉතාමත් හොදයි නැත්නම් ඊළඟ වතාවේ මිනීමැරුමක් අනිවාර්යයෙන්ම වෙන්න පුළුවන්
ගොඩයන්ට මොන බිග් මැචස්ද?
මේකට වග කියන්න ඕන කළුතර විද්‍යාලේ විදුහල්පති. පාසැල බලාගෙන ඉන්න කොට විනාශ කරනවා. මිනිහ තමන්ගේ පෙරටුගාමී දේශපාලනේ ඉස්කෝලේ කරන්න ගිහිල්ල තමයි මේ විනාශේ කලේ..
මොන කාලකන්නි ද මේ. ජයග්‍රහණය හෝ පරාජය සතුට අසතුට සාමකාමීව දරාගන්න බැරි ජාතියක් ද බිහි වී ඇත්තේ.
මැංගුස් සටන 13 වෙනි වතාවට කියන එක හරිද? මට මතක ඊට ගොඩාක් පරණයි වගේ...
රට ගිනිගෙන ඇති බව නොදනිති මේ පුතනුවන්...
ඇත්තටම මේ බිග් මැ විකාරයක්. පාසල්වල විනය හදන්නැතුව ඔය මොනව තිබ්බත් වැඩක් නැහැ. පවු අහින්සක ලමයිගෙ ජීවිත එක්ක නේද මුන් සෙල්ලම් කරන්නෙ.
මේ ගොඩේ ඉස්කෝල වල උන් බිග් මැච් ගහන්න ගියාම් ඕක තම වෙන්නේ . මුන්ට මොන ක්‍රිකට් ද ?
දැන් මිනිසුන් තිරිසන් ගති පෙන්වන්න අරගෙන තියෙන්නේ ළමා කාලයේදීමයි. එයයි ලෝක ස්වභාවය . කළ හැකි එකම දේ මේ ක්‍රිඩා තරඟ නතර කර දැමීම පමණයි
කළුතර මහා විද්‍යාලය අධිශිශ්‍යෝ තරගේ නරබනවට වඩා කරේ රා බුලි ගෙනත් තියන් බොන එක
13 වෙනි වතාව නෙමෙයි, මේ 63 වෙනි වතාව මැංගුස් සටන කියන්නේ ලංකාවේ තියෙන පරණම බිග් මැච් එකක්. එත් දැන් කළුතර ජාතික පාසැල හොඳටම පිරිහිලා තියෙන්නේ... මේ පාසලේ අල්ලපු වටේ තමයි කලාප අධ්‍යාපන කාර්යාලය තියෙන්නේ...
ජය පරාජය මොකක්ද කියන එක හරියට තේරුම් බේරුම් කරගන්න දන්නේ නැති ගොබ්බ ක්‍රීඩා ලෝලීන් සහ වැඩිහිටියන් ඉන්නකොට කොහොමද ඕනෙම තරගයක් සාමකාමීව ඉවර වෙන්නේ...? ක්‍රීඩා පිටියේ ඇති සාමකාමී බව, සුහදත්වය නැත්තටම නැතිවෙලා තියෙන්නේ.
ඔලිම්පික් ක්‍රීඩා නිර්මාතෘ බැරන් කුබටන් සඳහන් කර තිබෙන්නේ ක්‍රීඩා කරන්නේ සහභාගිවීමට මිසක් ජයග්‍රහණය කිරීමට නොවන බවයි. දරුවන්ගේ සිත්තුළ මේ අදහස තැන්පත් කළ යුතුයි.
බිග් මැච් නෙවෙයි බයි මැච්...
කබ්බෝ ෆෝම් කළාම ඕක තමයි ප්‍රතිඵල. මේ අයට මොන බිග් මැච්ද?
මේ අවුරුද්දේ අපේ බිග් මැච් එකේ අපේ ඉස්කෝලේ තමයි දිනන්න වැඩි චාන්ස් තිබුනේ. ඒත් ඔක්කොම කණපිට පෙරළුණා... අපිට ලොකු පරාජයක් අත්වුණා... ඒත් අනේ වැලිකැටයක්වත් ගැහුවේ නෑ. අපි විවෘතව ජයග්‍රාහකයින්ට සුබ පැතුවා...