
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පිළිබඳ ශෝක යෝජනා විවාදය ලබන 11 වැනිදා දවස පුරා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය.
මෙම විවාදය පසුගිය 21 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබුණත් එය කල් ගියේය.
මේ අතර පාර්ලිමේන්තුව ලබන මස 8 වැනිදා සිට 11 වැනිදා දක්වා පැවැත්වීමටද එම කාරක සභාව තීරණය කළේය.
මේ අනුව 2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ නියෝග දෙකක් සහ මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනි වර කියවීම) ලබන මස 8 වැනිදා විවාදයට ගැනීමට නියමිතය.
එදින ආණ්ඩුවේ කටයුතුවලින් අනතුරුව ශ්‍රී ශාක්‍යසිංහාරාම විහාරස්ථ කාර්ය සාධක සංවිධානය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමෙන් පසු ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට යොමු කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන), පුද්ගලනාශක බිම්බෝම්බ තහනම් කිරීම, අධිකරණ සංවිධාන (සංශෝධන), සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) යන පනත් කෙටුම්පත් (දෙවැනිවර කියවීම්) ලබන මස 9 වෙනිදා පෙරවරු 11.00 සිට පස්වරු 4.30 දක්වා විවාදයට ගැනීමට තීරණය කර ඇත.
පළාත් සභා (මුද්දර ගාස්තු මාරු කිරීමේ) (සංශෝධන), විශේෂ භාණ්ඩ හා සේවා බදු, එකතු කළ අගය මත බදු (සංශෝධන) යන පනත් කෙටුම්පත්ද (දෙවැනිවර කියවීම්) 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසිද ලබන මස දහවෙනිදා විවාදයට ගැනේ.
පෙබරවාරි 08 වැනිදා සිට 10 වැනිදා දක්වා සෑම දිනකම පස්වරු 4.30 සිට පස්වරු 4.50 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා කාලය වෙන්කර ඇත . ප.ව 4.50 සිට 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමටද නියමිතය.
මේ අතර පෙබරවාරි 11 වැනිදා පෙ.ව 10.00 සිට ප.ව 4.30 දක්වා අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා වෙනුවෙන් ශෝක ප්‍රකාශ යෝජනාව විවාදයට ගන්නා දිනයේ සභාව කල්තබන අවස්ථාවේ විවාදය නොපැවැත්වෙන බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද්ද ශෝක යෝජනා විවාදය? නිකම් කාලෙ කා දමන්න හොඳයි.
මැරුණාම දානේ දීලා මහජනතාවගේ මුදල් කාබාසිනියා කරන රටක් ලොවෙත් නැහැ.