(නිමල කොඩිතුවක්කු)
මහ මැතිවරණයට තරඟ කිරීමෙන් ඉවත් වීමට මාතර දිස්ත්‍රික් අපේක්ෂක මංගල සමරවීර මහතා ගත් තීරණය ඒ මහතා ගේ පෞද්ගලික තීරණයක් බවත් ඒ මහතා කිසි විටෙකත් සමගි ජන බලවේගයෙන් ඉවත්ව නොමැති බවත් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කොළඹදී අද (10) පැවසීය.
ඉදිරි මහ මැතිවරණය සහ අනෙකුත් දේශපාලන කටයුතු වෙනුවෙන් ඔහුගේ සම්පූර්ණ සහයෝගය සමගි ජන බලවේගය වෙත ලැබෙන බවත් මහ ලේකම්වරයා සඳහන් කළේ ය.
බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ පැවති සමගි ජනබලවේගයේ අපේක්ෂක හමුවකින් අනතුරුව පැවති මාධ්‍ය හමුවකදී මාධයවේදීන් කළ විමසීමකදී ඔහු මේ බව පැවසීය.
ඉදිරි මහ මැතිවරණයේදී සමගි ජනබලවේගයේ ජයගහණය වෙනුවෙන් මංගල සමරවීර මහතාගේ සම්පූර්ණ සහයෝගය ලබා ගැනීමට අපේක්ෂා කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගියත් ප්‍රශ්නයක් නැහැ. එයා ඔය mcc එක ගැන තවමත් කැමැත්තෙන් ඉන්නේ... රට පාවාදෙන්න ආසම කරන මනුස්සයෙක්. ඔහු නැතිවුණා කියලා සමගි ජනබලවේගය වැටෙන්නේ නැහැ...
ගිලෙන නැවෙන් පනිනවා...
මංගල කැමති මගුලක් කරගන්න ඇරලා ඔබතුමා නිහඬව ඉන්න.
අන්තිම වෙනකල් ඉස්සරහින් ගිහින් අන්තිම මොහොතේ ආපසු හැරිලා පෙළපාලිය බකල් කරන්න එවපු මේ කපටියා ගැන තේරුම් ගන්න බැරි කෙනෙක් කොහොමද රටක නායකකමකට හරියන්නේ? තමන්ගේ රැස්වීමකට ඇවිත් මහ සංඝරත්නයට බැණවදිමින් නින්දා, අපහාස කරමින් අඟේ ඉඳන් කණ කාපු කෙනෙක්ව ඡන්ද ලැයිස්තුවට දාගන්න කෙනා කවුද? මද්දුම බණ්ඩාර මහත්තයෝ, මද්දුම බණ්ඩාර විරයාටත් අපහාස නොකර ඔබතුමාත් ඔය මෝඩ නායකයාගෙන් අයින් වෙලා යන්න.
එතකොට මේ ඉල්ලා අස්වීම තවත් එක නාඩගමක්ද? ආපසු පක්ෂ මාරු කර කර රට විනාශ කරන්න ඉඩ දෙන්න නම් බැහැ.
ඔන්න තවත් කෙනෙක් ඉවත් වෙලා. සජිත්ව අමාරුවේ දාන්න කල්තියාම ගහපු ප්ලෑනක් වගේ.
ජනතාවගේ ඉල්ලුමක් නැති කල් ඉකුත් වුණු දේශපාලන භාණ්ඩයක්.
ඔව් අපි දන්නවා.. සමගි බලවේගයෙන් ඉවත් වෙලා නැහැ. නමුත් ඡන්දෙන් එන්න බයයි. ආවොත් ඇපත් නැතිව යන්න වෙන්නේ. එන්න හදන්නේ ජාතික ලැයිස්තුවෙන්... ලංකාවේ අවාසනාවකට සජිත් බලයට ආවොත් ඔන්න කියයි සජිත්ගේ බලවත් ඉල්ලීමට පත්කළ මන්ත්‍රී ධුරය ගත්තා කියලා.
මෙයා ඉල්ලුවත් ඇප නැතිව තමයි නවතින්නේ...
අනේ... අඟේ ඉඳන් කණ කා දමන කාක්කා කවද්ද අඟෙන් ඉවත් වෙන්නේ? අඟට ස්නායු පද්ධතිය සම්බන්ධ නැති නිසා මේ ගොනාට ඒක දැනෙන්නෙ නැහැ.
මංගල විතරක් නෙමෙයි ඕකේ ඉන්න තව ගොඩක් අය යනවා. මොකද බල තණ්හාවට අටවගත්ත මගුලක් නේ ඕක...
මෙයත් හරියන මහා ලේකම් කෙනෙක් නොවේ... මහා ලේකම්කමට නියම සුදුස්සා පළපුරුද්දක් නියෙන තිස්ස අත්තනායක තමයි .
මෙයාගේ කයිවාරු විතරයි.. අපි දැක්කා මෙයාගේ වැඩ නීතිය හා සාමය පිළිබඳ ඇමතිකම දරපු කාලේ...
මහා ලේකම්කමට ඔතැන ඉන්න එකම සුදුස්සා තිස්ස අත්තනායක විතරයි. එයාට දුන්නොත් සජිත් ගොඩ...
මෙයා 2019 ජනාධිපතිවරණයේ ආසනෙත් පරාදයි ඉතින් තව මොන කතාද ....?
කරුණාගේ කතාව ඇත්ත තිස්ස ආපුදාට සජිත් ගොඩ...
මංගල තවම ඉන්නවා කියපු එක හොඳයි. නැතිනම් අපි දන්නේ නැතිව සජිත් පිලට ඡන්දෙ දෙනවා. රට පාවාදෙන්න තනි මතයට කොටි එක්ක ඡන්දෙ දීපු කෙනෙක් ඉන්න පක්ෂයකට අපි ඡන්දෙ දෙන්නේ නැහැ.
තවත් පුවතක තිබෙනවා මංගල යන්නේ සමගි බලවේගයේ අසමගි ඇතිවෙලා නිසා කියලා.. අලියගෙන් එයාට පත්කළ මන්ත්‍රී තනතුරක් දෙනවා කියලා... ඇත්ත කියන්නේ කව්ද?
සජිත් මේ සැරේ ලණුව කන්න යන්නේ තව මංගලලා ගැන කතාකරලා..., මංගලලාව ඉක්මණට යවන්න ... බොරු ටෝක් දෙන්න එපා..