මීගමුව බන්ධනාගාරයේ ඉකුත් දා ඇති වූ ගැටුම අතරතුර අතුරුදහන් වූ රිපීටර් ගිනි අවිය සොයා ගත් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

බන්ධනාගාරය තුළ සිදු කළ පුළුල් සෝදිසියකදී  බන්ධනාගාර පරිශ්‍රය තුළ තිබී එම ගිනි අවිය සොයා ගත් බව දෙපාර්තමේන්තුව පැවසීය.

ජූලි 6 වන දින බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් මෙම ආයුධය අතුරුදහන් විය.

බන්ධනාගාර තදබදය අඩු කිරීම සඳහා ඉදිරි දිනවලදී මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රයේ රැඳවියන් රැඳවීමට පියවර ගන්නා බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසීය.