
(විමුක්ති එස් රුද්‍රිගු)
මීගමුව බන්ධනාගාරයේ ඛේදජනක සිදුවීමෙන් මියගිය සහ තුවාල ලැබූ සියලු දෙනාගේම පවුල්වලට සත්‍ය දැනගැනීමට මෙන්ම වරදකරුවන්ට දඬුවම් ලැබෙනවා දැකීමට අයිතියක් තිබෙන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේ මාධ්‍ය ප්‍රකාශිකා රවීනා ෂම්දාසනී සිදුවීම පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරමින් පැවැසුවාය.
එම අයිතිය සිදුවීමෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන්ට පමණක් නොව රැඳවියන්ට තිබෙන බව ඇය ප්‍රකාශ කළාය. ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය තුළ තිබෙන ව්‍යුහාත්මක ගැටළු, නඩු විභාගවීමට පෙර දීර්ඝ කාලයක් රඳවා තැබීම සිදු කිරීම, පමණ ඉක්මවා රැඳවියන් සිටීම හේතුවෙන් ඇතිවී තිබෙන තදබදය සහ රැඳවුම් මධ්‍යස්ථාන වල ප්‍රමාණවත් පහසුකම් නොමැතිවීම යන කරුණු සම්බන්ධයෙන් කටයුතු කිරීමේ හදිසි අවශ්‍යතාව මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ප්‍රචණ්ඩත්වයෙන් අවධාරණය කෙරෙන බව ඇය පෙන්වා දුන්නාය.
මත්ද්‍රව්‍ය ආශ්‍රිත වැරදි සඳහා සැළකිය යුතු පිරිසක් රඳවා තිබෙන බවත් ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට සිරගත කිරීමට වඩා සෞඛ්‍ය ක්ෂේත්‍රය කේන්ද්‍ර කරගත් විසඳුමක් ලැබීම වඩාත් සුදුසු බවත් ඇය ප්‍රකාශ කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම සිදුවීමේදී බන්ධනාගාරයේ සිටි සීමිත සංඛ්‍යාවක් වූ ජේලර්වරුන්ට හෝ නියාමකවරුන්ට කිසිදු පහරදීමක් හෝ තුවාල වීමක් සිදු වී නොමැති අතර, බන්ධනාගාර පොලිස් නිලධාරීන් හත් අට දෙනෙකුට රැඳවියන් විසින් අමානුෂික ලෙස පහර දී ඝාතනය කර තිබේ. එහිදී එම නිලධාරීන්ව බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක් කර, සිරුරේ රහස් ප්‍රදේශ කපා දමමින් ඉතා දරුණු ලෙස තුවාල සිදු කර ඇති බව අනාවරණය වේ. සුරේෂ් ඇතුළු 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් මෙය කලින් සූදානම් කළේද යන්න සහ බන්ධනාගාර පාලනාධිකාරියේ අනුදැනුමකින් තොරව මෙම ආයුධ ළඟ තබා ගත්තේ කෙසේද යන්න පිළිබඳව සොයා බලයි. දැනට බන්ධනාගාරය තුළ ඇති සියලුම සීසීටීවී දර්ශන කුඩුපට්ටම් කර විනාශ කර ඇති බැවින්, කිසිදු ඡායාරූපයක් හෝ තොරතුරක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙතෙක් හැකියාවක් ලැබී නැත. එම විනාශ වූ දත්ත යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා ඉදිරියේදී අධිකරණ නියෝග මත කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක ඒකකය වෙත හෝ වෙනත් ස්ථානයක් වෙත යොමු කිරීමට නියමිතය.