
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මීගමුව සිද්ධිය ගැන කලින්ම බුද්ධි තොරතුරු ලැබී තිබුණත් ඒ ගැන ක්‍රියාත්මක වී නැතැයි ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"මීගමු බන්ධනාගාරයේ වූ සිදුවීම අද මුළු රටේම සිදුවී තිබෙනවා.අද මුළු රටේම නායකත්වයක් නෑ. කළමනාකාරීත්වයක් නෑ. ප්‍රශ්න වලට මුහුණ දීමට අත්දැකීමක් නෑ.ඒ ප්‍රශ්න කලින් නිසියාකාරයෙන් හඳුනා ගන්නේ නැහැ.මේ වෙලාවේ රටේම තිබෙන ප්රශ්නය මීගමුව බන්ධනාගාරයෙන් මේ අවස්ථාවේ මතුවී තිබෙනවා.මීට කලින් මෙවැනි සිද්ධි ගොවි ජනතාවට සිදුවී තිබෙනවා.ව්‍යාපාරිකයන්ට සිදු වී තිබෙනවා.අකාර්යක්ෂමතාවය, කළමනාකාරීත්ව ගැටලුව, නායකත්ව ප්රශ්නය මීගමුව බන්ධනාගාරයෙන් අපට දකින්නට හැකි වුණා.මේක එක්වරම සිදුවූ දෙයක් නොවේ.මෙවැනි දෙයක් සිදුවීමට නියමිත බව දින තුන හතරකට පෙර බුද්ධි තොරතුරු ලැබී තිබුණා.නමුත් ඒ සඳහා අවශ්‍ය තීන්දු තීරණය ගෙන නැහැ.බුද්ධි තොරතුරු අනුව මේ පිළිබඳව දැනුවත් වීම් සිදුවී තිබෙනවා.දැනුවත් වීම් සිදු වුනත් එය නිසියාකාරයෙන් කළමනාකරණය කරන්නට කටයුතු කර නැහැ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් අනේ, මේ ආණ්ඩුව එන්න කලින් මාර කළමනාකාරීත්වයක්, නායකත්වයක් මේ රටේ තිබුණේ. ඒකනේ ඒ හිටපු නායකයොම රට තමන්ගේ කාලෙදි බංකොළොත් කියල කිව්වේ.
බෙල්ලෙ පාලුවට ඔලුව ආපු ගංකබරයෙක්
...පහුගිය කාලේ පාස්කු ප්‍රහාරය ගැනත් බුද්දි අන්ස තොරතුරු ලැබිලත් නිකම් හිටපූ උන්..මෙයා දවල් හීන දකිනවා .
ඒක හර්ෂණ දන්නෙ කොහොමද? එයාටත් තාත්තද කිව්වේ?
හර්ෂණ ගෙ කතාව ඇත්ත විය හැක මෙම රජයෙ කිසිම ඇමතියෙක් වගවීමේ ස්වභාවය ක් නැත
වසන්ත, කලින් රජයේ අය වගවීමෙන් අත උස්සල කෙහෙලියව බේරගත්ත. ඔන්න අපේ ඇමතිලා, මන්ත්‍රීල