
(අංජුල මහික වීරරත්න)
මීගමු බන්ධනාගාර ගැටුම වැනි සිද්ධියක් නැවත ඇති නොවීමට වග බලා ගන්නා බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.
තමා යටතේ ඇති ආයතනයක මේ ගැටුම හට ගත් නිසා එහි වගකීම තමාට බාරගැනීමට සිදුවන බව කී අමාත්‍යවරයා මේ වන විට තත්ත්වය සමථයකට පත්කර තිබෙන බව සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව කීවේ මීගමු බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් කොළඹ දී මාධ්‍යයට ප්‍රකාශයක් කරමිනි.
අදාල ගැටුම නිසා තමා දැඩි කම්පනයට සහ කණගාටුවට පත්ව තිබෙන බවද අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යළි ඇති වෙන්න ඉඩ තියන්න නැති වෙන්න කලින් මේ සිදුවීමේ වගකීම බාර ගන්න ඕන ආණ්ඩුව. මතකයිනේ ඒ කාලේ ඔහේලාගේ ලොක්කා අකුදි තුමා කිව්වා රිමාන්ඩ් සිරකරුවන් වේවා... බන්ධනාගාර ගත වූවන් වේවා මේ සියලු දෙනාම ආරක්ෂා කර ගැනීම රාජ්‍යයේ වගකීමයි කියලා. හර්ෂණ නානායක්කාර වගේ අධ්‍යාපන සහතික කීපයක් විතරක් තියෙන මෙලෝ ප්‍රායෝගිකත්වයක් නැති අමන උන්නැහේ කෙනෙකුට දරා ගන්න බැරි ඇමති පට්ටම් දුන්නාම ඔහොම තමයි...