(නිමල කොඩිතුවක්කු)
දිගින් දිගටම සිදුවන බස් රථ අනතුරු සැලකිල්ලට ගනිමින් මගී ප්‍රවාහන බස් රථ සඳහා නව රියදුරු බලපත්‍රයක් හඳුන්වාදීමට කටයුතු කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
ඒ අනුව බර වාහන රියදුරු බලපත්‍රය ලබාගැනීමෙන් පමණක් මින් ඉදිරියට මගී ප්‍රවාහන බස් රථ ධාවනය කළ නොහැකි බවත් ඒ වෙනුවට මගී ප්‍රවාහන රියදුරු බලපත්‍රයක් අලූතින් හදුන්වාදෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
සියලුම මගී ප්‍රවාහන බස් රථ රියදුරන්ට සති දෙකක පුහුණුවක් ලබාදීමෙන් අනතුරුව මෙම නව රියදුරු බලපත්‍රය ලබා දෙන බවත් ඔහු කියයි.
ලංකා ගමනාගමන මණ්ඩලය, ආරක්ෂක අංශ එක්ව මෙම වැඩපිළිවෙළ සකස් කරන බවත් අමුණුගම මහතා කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොද තීරණයක්
බලපත්‍රය නෙවෙයි ප්‍රශ්න අධික වේගයෙන් ධාවනය කිරීම
කාලෝචිත පියවරකි ඇමතිතුමනි.
බලපත්‍රයක් නම් ගන්න ක්‍රම සහ විදිද නැත්තේ? .ප්‍රස්නේ තියෙන්නේ රියදුරන් අතේ. සමහරු තරගෙට ඉගිල්ලෙන්ඩ හදනවා. කිසිම චාරයක් නැති ,බීලා රිය පදවන අය නැතුව නෙවෙයි .
මෙයට නියම පිළියම රටේ නගරබද ප්‍රදේශ වලින් පිට ඇති මාර්ගවල උපරිම වේගය 60 දක්වා සීමා කිරීමයි.
ආරක්ෂක අංශ ? හිමින් නීතිගරුකව බස් රිය පදවන ආරක්ෂක අංශ සාමාජිකයින් කවුරුත් දැක තිබේද? කොරෝනා රෝගීන් හෝ නිරෝධයනයට ගෙන යන්නන් පටවාගන, ලාම්පු දල්වාගෙන, නොනවත්වා නලා හඩවමින් අධික වේගෙයෙෙන් බස් පදවන හමුදා නිලධාරින් හැමතැනම. කීයක් අනතුරු වුනාද?
හොදවැඩක්. යුරෝප රටවල බස් රථ පැදවීමට හා කුලීරථ පැදවීමට වෙනම පාඨමාලාවක් කර බලපත්‍රයක් ලබාගතයුතුය. අලුතින් ලයිසන් ගත්විට ලකුනු 20 ක් ලැබේ. තමන් කරන වැරදිවල සභාවය අනුව සලකුනු 20 සිට කැපීගෙන ගොස් අවසානයේ ලයිසන් ඒක අහිමිවෙ. එවිට නැවත ලයිසන් ගැනීමට රියදුරුපාසලට ගොස් ආධුනිකයෙක් වාගෙ අවුරුද්දකට වැඩිය කාලයක් සහ මුදල් වැයවෙ. ඊට අමතරව බීමතින් රිය පදවා අසුවුවහොත්. මධ්‍යසාර පතිශතය අනුව ලයිසන් ඒක අහිමි වීම සිට පැදවූ රථය රාජ්‍යසන්තක වීම දක්වා විහිදෙයි. ලයිසන් අලුතින් ගැනීමට අවුරුදු 2 කට පසුව රුධිර පරික්ෂණයකට යොමුවි අවසන් මාස 6 රුධිරයේ මධ්‍යසාර බින්දුවට පවත්වා ඇත්දැයි තහවුරු කර අවස්ථාව ලබාදෙයි. ලංකාව ටත් මෙ නීති ගෙන ඒම අවශ්‍යය.
තරගකාරී ලෙස බස් ධාවනය කරන බස් රථ රියදුරන්ගේ විකෘති වූ මනස නිවැරදි කිරීමේ මානසික ප්‍රතිකාරද පුහුණුවට ඇතුළත් විය යුතුමයි.
ඔයා කතා කරන්නේ පළවෙනි පාර වගේ... මේවා හැමදාම සිද්ධ වෙනවා මොනවා හරි වුණාම වේදිකාවට ඇවිල්ලා චණ්ඩියෙක් වගේ මොනවාහරි කියනවා.
අධ්‍යාපන ලයිසන් එකට වඩා වැදගත් යම් අධ්‍යාපන මට්ටමක් තියෙන,ආකල්ප හොද රියැදුරන් තෝරාගන්න ක්‍රමයක් තිබ්බා නම්
ලොරි චැසිවලට ටකරන් තහඩු ගැසූ බස්රථ වහාම ඉවත් කර මගී ප්‍රවාහනය සඳහා ජාත්‍යන්තරව භාවිතා කරන බස් රථ ගෙන්වීම ආරම්භ කළ යුතුමයි. රියදුරු බලපත්‍රයට ලකුණු ලබා දීමේ ක්‍රමයක් අවශ්‍යමයි.