
ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ අසුරුමුනි ආරච්චිගේ මේඛලා සදරේනු මහත්මිය ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරියක (සොලිසිටර්වරියක) ලෙස නිව් සවුත් වේල්ස් ශ්‍රේෂ්ඨාධිකරණ අග විනිසුරුවරයා ඉදිරියේ පසුගියදා දිව්රුම් දුන්නාය.
කොළඹ මියුසියස් විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ මේඛලා සදරේනු ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නගරයේ කොලනල් ලයිට් පසලේ අධ්‍යාපනය හදාරා ඇති අතර ලන්ඩන් විශ්ව විද්‍යාලයේ නීති උපාධිය සමත් වීමෙන් පසුව ශ්‍රී ලංකා නීතී විද්‍යාලයට ඇතුලු විය. නීති විද්‍යාල විභාග සමත් වීමෙන් අනතුරුව සිය ආධුනික කාලය නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි මහත්මිය යටතේ කටයුතු කරමින් නිම කළාය .
අනතුරුව ඕස්ට්‍රේලියාවේ university of western sydney විශ්ව විද්‍යාලයෙන් නීතිය පිළිබඳ ශාස්ත්‍ර පති විභාගය සමත්ව සොලිසිටර් වරියක ලෙස දිවුරුම් දුන්නාය.
මේඛලා සදරේනු මුදල් අමාත්‍යාංශයේ ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ හිටපු අතිරේක අධ්‍යක්‍ෂ ඡනරාල් සේපාලි රූපසිංහ මහත්මියගේ හා නීතිඥ ඒ.ඒ. තිලකරත්න මහතාගේ දියණිය වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවද මේ?
අපිට පාන්ද?
දැන් ලංකාවේ උන්ට සිඩ්නිවල ඕන වැරැද්දක් කරල බේරෙන්න පුළුවන්
මේකලා ඉරිසියාවට කියන කතා අහන්න එපා මේඛලා. මංගල යෝජනාවක් එවන්න තැපැල් පෙට්ටියේ අංකයත් දාන්න ප්ලීස්..
මොකක්ද මේකේ වැදගත්කම?
අපගේ අනුර කුමාර සහෝදරයා විසින් වසරක් තුළ කර ඇති පරිවර්තනයට මෙය තවත් සාධකයකි. ජනතාව සතුටිනි. එම නිසා ජයග්‍රහණ ද ලබති. ශ්‍රී ලාංකිකයන් තව තවත් ජයග්‍රහණ හෙට දින අත්පත් කර ගනු ඇත. අපගේ මාලිමා ආණ්ඩුවට ජයවේවා...
හරිම වැදගත් ජාතික මට්ටමේ ප්‍රවෘත්තියක්...
හරි දේවල් නැහැ වගේ
ශ්‍රී ලාංකිකයකු වශයෙන් ආඩම්බර වෙමි...
රටට වැදගත් පුවත්?
මෙය මුදල් ගෙවා ප්‍රචාරණය කරන ලද දැන්වීමකි. ඇයි මේ කිසිම වැදගත්කමක් නැති එකක්...
සල්ලි තිබ්බා නම් අපිත් අද ලෝයර්ස්ලා... තියන එකට කවුරු වුණත් වෙන්න පුළුවන් ලෝකයක් මේක.. දැන් පේනවනේ ලෝකයටම කියන්නේ අපි කෙරුමෝ කියලා ...