(සමන් පාලිත නානායක්කාර )
බණ්ඩාරවෙල එළවළු තොග වෙළෙඳ පොළේ දී මුව ආවරණ නිසි ලෙස පැළඳ ගෙන නොසිටි බවට අද( 01 ) බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ වරද පිළිගත් 18 දෙනකුට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් කීර්ති කුඹුරුහේන මහතා එක් අයකුට රුපියල් 5000 බැගින් දඩ නියෝග කළේය.
බණ්ඩාරවෙල එළවළු තොග වෙළඳපොළට තොග වෙළෙඳ කටයුතු සඳහා පැමිණි පිරිසකට නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකිරීම නිසා මෙසේ දඩ නියම විය .
කොරෝනා වසංගතය පැතිර යාම නිසා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද නිසියාකාරව ක්‍රියාත්මක වේද යන්න පිළිබඳව බණ්ඩාරවෙල නාගරික මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් බණ්ඩාරවෙල එළවළු තොග වෙළඳපොළ ආශ්‍රිතව කළ සොයා බැලීමක දී මුව ආවරණ නොමැතිව සිටි විසි හත් දෙනකුට නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.
ඉන් 18 දෙනකු වරද පිළිගත් බැවින් රුපියල් 5000 බැගින් දඩ නියම කළ අතර සෙසු අට දෙනාට විවෘත වරෙන්තු නිකුත් කළේය.
බණ්ඩාරවෙල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී. එම්. ඒ. ආර්. දිසානායක, බදුල්ල දිස්ත්‍රික් ඩෙංගු මර්දන ඒකකයේ කාර්ය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක එම් .වී. තිලකසිරි නාගරික මහජන සෞඛ්‍ය පරීක්ෂක නුවන් මධුර යන මහත්වරු පැමිණිල්ල වෙනුවෙන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු දැක්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙලෙස දඩ ගැසීමෙන් ජනතාව මුඛ ආවරණ පැලඳීමට පෙළඹවීමට රුකුලක් වනු ඇත. නමුත් කණගාටුවට කරුණ නම්, රට තුළ වසංගතය බෝ කිරීමට හා මේ වන විටත් මරණ 100කට වඩා වගකිවයුතු මිනීමරු බ්‍රැන්ඩික්ස් ආයතනයට මේ නීති හෝ දඬුවම් නැද්ද?