(සුජිත් හේවාජුලිගේ)

ආණ්ඩුවේ අයවැය පතෝල එකක් බව  නාරාහෙන්පිට අබයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝ පැවසූහ.

එදාවේල හම්බ කරගෙන කන ජනතාවට ඉන් කිසිදු සහනයක් ලැබී නැතැයිද උන්වහන්සේ පැවසූහ.

මේ තත්වය යටතේ මන්ත්‍රීවරුන්ට ගම සමඟ පිළිසඳරට සහභාගීවිය හැකි දැයි ප්‍රශ්නයක් බව පැවසූ උන්වහන්සේ ගමට යන මන්ත්‍රීවරුන් මේ තත්වය යටතේ ගහලා එළවා දැමීමට ඉඩ ඇතැයිද සඳහන් කළහ.

තනතුරු නොව මුළු රටම බාර දුන්නත් තමන් වහන්සේගේ කට වැසීමට කිසිවකුටත් නොහැකි බව ආනන්ද හිමියෝ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.